ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායකයෙක් සහ පුහුණුකරුවෙක්වන බොබ් සිම්ප්සන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිම්ප්සන්, සිඩ්නිහිදී මිය යන විට 89 වන වියේ පසු වුණා.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම බලගතු චරිතයක් වන සිම්ප්සන්, 1957 සහ 1978 අතර කාලය තුළ ටෙස්ට් තරග 62 කට ක්‍රීඩා කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ හොඳම ආරම්භක පිතිකරුවෙකු ලෙස වසර 11 ක වෘත්තීය ජීවිතයෙන් පසු 1968 දී ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියා.
ඒ, වනවිට ඔහු ටෙස්ට් තරග 50 කට ක්‍රීඩා කර ඉන් 29 කට ඕස්ට්‍රේලියාවට නායකත්වය ලබා දුන්නා.
කෙසේ වෙතත් 1977 ලෝක ක්‍රිකට් තරගාවලියෙන් පසු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවූ අභියෝගාත්මක අවස්ථාවේ දී ඔහු ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකයා ලෙස නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණියා.
බොබ් සිම්ප්සන් ටෙස්ට් ශතක දහයක් ලබාගෙන ඇති අතර, එම ශතක සියල්ලම නායකයා ලෙස ලබාගත් ශතකවීම ද විශේෂත්වයක්.
දෙවන වරටත් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගත් පසු බොබ් සිම්ප්සන් දක්ෂ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළා.





