ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ඊයේ (15) රාත්‍රියේ දිවයිනට පැමිණියා.
ඔවුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියකට එක්වීමට නියමිතයි.
මෙම තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී එළඹෙන 20, 21, 24, 26 සහ 28 යන දිනයන්වල දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
විස්සයි විස්ස තරගාවලියට අමතරව එක්දින තරගයක් සඳහා ද ඔවුන් එක්වීමට නියමිත අතර, එම තරගය ද ඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (15) දින රාත්‍රී 10.45ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ගුවන්තොටුපොළ ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළා.










