ඕමාන් මුහුදේ දී අතුරුදන් වූ 16න් 10ක් සොයාගෙන අවසන් – එක් අයෙක් මරුට

ඕමාන් මුහුදේ දී පෙරේදා (16) කොමරෝස් ධජය යටතේ ඉන්ධන ප්‍රවාහනය කළ නෞකාවක් අනතුරකට ලක් ව පෙරලුණු අතර; එහිදී නැවේ සිටි කාර්‍යය මණ්ඩලයේ 16 දෙනා ම අතුරුදන් වුණා.

මෙම අතුරුදන් වීමෙන් පසුව එරට නාවික හමුදා ආරක්ෂක අංශ එක්ව විශේෂ මෙහෙයුමක් අතුරුදන් වූවන් සොයා ක්‍රියාත්මක කෙරෙමින් පැවති පසුබිමක දී ඊයේ රාත්‍රියේ දී අතුරුදන් වූ පිරිසෙන් 09 දෙනෙකු බේරාගත් බවටයි වාර්තා වූයේ.

ඉන් 08 දෙනෙකු ම ඉන්දියානුවන් වන බවත් එක් අයෙකු ශ්‍රී ලාංකිකයෙකු බවත් හෙළි වුණා.

කෙසේවෙතත් තවත් 07 දෙනෙකු අතුරුදන් ව සිටි අතර ඔවුන් ද සොයා විමර්ශන ක්‍රියාත්මක වුණා.

නමුත් අද (18) දිනයේ දී එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වනවිට අතුරුදන් වූවන් 10 දෙනෙකු සොයාගෙන ඇති බවත්; ඉන් එක් නාවිකයෙකු අවාසනාවකට ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

එම්.ටී. ප්‍රෙස්ටීජ් ෆෝල්කන් නමැති මැරීන් නෞකා සමාගමට අයත් අදාළ නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේ දී එහි සාමාජිකයින් 16 දෙනෙකු ගමන් කර තිබෙනවා.

ඉන් 13 දෙනෙකු ම ඉන්දීය සම්භවයක් සහිත නිලධාරීන් වන අතර සෙසු තිදෙනා ශ්‍රී ලාංකිකයින් බවයි වාර්තා වූයේ.

මෙම නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යමින් සිටියදී ඕමානයේ ප්‍රධාන කාර්මික වරාය වන ඩුක්ම් අසල දී පෙරළී ගියා.

ඕමානයේ සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය X පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත්තේ;

“සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සාර්ථක ව ප්‍රෙස්ටීජ් ෆෝල්කන් තෙල් නැවේ අවසන් කළා. කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සොයාගෙන ඇති අතර; ඒ අතර 9 දෙනෙකු ජීවතුන් අතර සිටියි. නමුත් ඛේදජනක ලෙස, එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තිබෙනවා..” යනුවෙන්.

මෙම මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ මේ දිනවල ඕමාන මුහුදු තීරයේ ඇති දැඩි සුළං තත්ත්වයක් ද හමුවේ බවත් වාර්තා වනවා

ඉතිරි කාර්ය මණ්ඩල සාමාජිකයින් සෙවීම දිගින් දිගට ම සිදු කරන බව ඕමාන රජය සහ ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
6
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?