“ඔළුවේ අමාරුව තියෙන මිනිහට ඇඟේ අමාරුවට බෙහෙත් දිලා හරි යන්නේ නෑ” – නාමල් රාජපක්ෂ

රටේ ප්‍රශ්න සඟවාගෙන සිටීමෙන් පලක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ රටේ ප්‍රශ්න විසඳීමට සෘජු තීරණ ගත යුතු බවත් ඒවාට කඩිනමින් විසදුම් සැපයිය යුතු බවත්ය. ජනපති, අගමැති හෝ විපක්ෂ නායක යන ඕනෑම කෙනෙක් සෘජු තීරණ ගෙන ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

තවද ඔහු පැවසුවේ ඔළුවේ අමාරුවක් තිබෙනවානම් ඇගේ අමාරුවට බෙහෙත් ලබාදී වැඩක් නැති බවයි. ඔහු තවදුරටත් මෙලෙස පැවසුවා. එදා කිව්වේ ජේ.ආර්. මරමු කියලා. බෝඩ් ගැහුවා. ඒවට කලබල වෙන්නේ නැතුව මම හිතන්නේ ඒ අය එහෙම කියන්නේ ඇයි කියන එක සොයා බලන්න ඕනේ කියලයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?