ඔසී සිට මෙරටට ආ ගුවන් යානයක් ගැන විශේෂ නිවේදනයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා ඉකුත් 21 වැනි දින පැමිණෙමින් තිබූ යූ.එල්.- 607 දරන ගුවන් යානයෙහි සේවය කළ ප්‍රධාන නියමුවා සහ ඔහුගේ සහායක නියමුවාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මේ වනවිට (14) ඔවුන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මෙම ගුවන් යානයේ සේවය කළ සහායක නියමුවරයා, සිය ශරීර කෘත්‍ය සඳහා වැසිකිළිය වෙත ගොස් ආපසු පැමිණි විට, ප්‍රධාන ගුවන් නියමුවා විසින්, සහායක නියමුවාට යළිත් නියමු කුටියට පිවිසීම සඳහා දොර විවෘත නොකිරීම නිසා මෙම සිදුවීම ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.

එකී සිදුවීම සඳහා මෙම ගුවන් නියමුවන් අතර ඇති වී තිබූ මතභේදාත්මක තත්ත්වයක් පසුබිම් වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් මගීන්ගේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනයේ පිරිවිතරයන් අනුගමනය කරමින්, මෙසේ මෙම ගුවන් නියමුවන්ගේ සේවය අත්හිහිටුවා, ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
7
+1
2
+1
3
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10