ඔසී මහ කොමසාරිස් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් (Paul Stephens) සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර අතර හමුවක් ඊයේ (08) පැවැත්වුණා.

ඒ කොළඹ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදියි.

මෙම අවස්ථාවට ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ද සහභාගී වුණා.

මෙම හමුවට සමඟාමී ව සුහදශීලී සහ ඵලදායී සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර, ඔස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිඹිබු කිරීම මෙහි විශේෂත්වයයි.

සාකච්ඡාව අතරතුර, දෙපාර්ශ්වයටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුවා.

විශේෂයෙන් ආරක්‍ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් හුවමාරු කර ගත් බව ද වාර්තා වනවා.

එහිදී ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්‍ෂාව සඳහා මෙන්ම, මෙරට ත්‍රිවිධ හමුදාවන්ගේ ආරක්‍ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ඔස්ට්‍රෙලියානු රජය අඛණ්ඩව දක්වන සහයෝගය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළා.

මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවය වෙත නොගැඹුරු මුහුදේ නිරීක්‍ෂණ කටයුතු සඳහා අති නවීන Shallow Water Multi – Beam Echo Sounder යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම තුළින් ඔස්ට්‍රෙලියානු රජය විසින් මෙරටට ලබාදුන් අගනා දායකත්වය වෙනුවෙන් මේජර් ජෙනරල් ජයසේකර සිය ප්‍රශංසාව පළ කළා.

මෙම නුතන තාක්‍ෂණික උපකරණය මගින් ශ්‍රී ලංකාවේ වරායන්, වෙරළබඩ ප්‍රදේශ මෙන්ම, උපායමාර්ගික වශයෙන් වැදගත් ජල මාර්ග වල මිනුම් කටයුතු සිදු කිරීමට ඇති හැකියාවන් වර්ධනය කෙරෙන බවත්, එමඟින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට සහ කලාපීය සමුද්‍රීය ස්ථාවරත්වය ඇති කිරීමට දායක වන බවත්, ඔහු සඳහන් කළා.

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා පුළුල් කිරීම, සමුද්‍රීය ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුවත් භාවය ඉහළ නැංවීම, පුහුණු හුවමාරු වැඩසටහන් සහ ධාරිතා වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන මුලපිරීම් වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන මුලපිරීම් සඳහා දෙපාර්ශ්වයේම කැපවීම යළි තහවුරු කරමින් සාකච්ඡාව අවසන් වූ බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?