ඔස්ට්‍රේලියාවේ ඇවිදින්න යන්න සූදානමින් සිටින අයට සුබ ආරංචියක්

මාස 18 කට පසු ඕස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශ සීමා විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දැනට එරටට ඇතුල්විය හැක්කේ එරට පුරවැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රික අනුමැතිය ලත් අයවලුන්ට පමණයි.

කෙසේ වෙතත් තවමත් ඕස්ට්‍රේලියාව සංචාරකයන් සඳහා එරට විවෘත කර නැහැ.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කියා සිටියේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිශතය සියයට 80 ඉක්මවූවන් සඳහා නිදහසේ සංචාරය කිරීමේ අවස්ථාව මේ අනුව හිමිවන බවයි.

නැවතත් ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ සාමාන්‍ය දිවිපෙවෙතට ලඟාවීමේ කාලය එළඹී ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මෙම නව තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියා.

කොවිඩ් 19 වසංගත තත්වයත් සමඟ ඕස්ට්‍රේලියාව එරටට ඇතුල් වීම සඳහා විදේශිකයන්ට මෙන්ම ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට ද දැඩි සීමා ක්‍රියාත්මක කළා.

මේ අනුව ඕස්ට්‍රේලියාවෙන් බැහැරව ගොස් සිටින එරට වැසියන්ට පවා නැවත පැමිණීමේදී දින 14 ක අනිවාර්ය හෝටල් නිරෝධායනයක් පනවා තිබූ අතර ඒ සඳහා සාමන්‍ය සංචාරකයෙකුට ඕස්ට්‍රේලියානු ඩොලර් 3000 ක මුදලක් වැයකිරීමට සිදුවුනා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 432,000කට ආසන්න මුදලක්.

එම නීතිය මෙම විවෘත කිරීමත් සමඟ අහෝසි වන අතර එන්නත් දෙකම ලබාගත් සංචාරකයන් දින 7ක නිවාස නිරෝධායනයක් සඳහා පමණක් යොමුකෙරෙනු ඇති.

කෙසේ වෙතත් මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම නගර වන සිඩ්නි මෙල්බර්න් සහ කැන්බරා දැඩි සංචරණ සීමා සහිතව වසා දමා ඇත්තේ එම නගර තුල නැවතත් කොවිඩ් වෛරසය හිස එසැවීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24