ඔස්ට්‍රෙලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට රෝහිත් සිය පැමිණීම තහවුරු කරයි

හෙට (22) ඇරඹෙන සංචාරක ඉන්දියාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන තරග 05කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සංචිතයට තමන්ගේ පැමිණීම ස්ථිර බව ඉන්දීය නායක රෝහිත් ෂර්මා තහවුරු කර තිබෙනවා.

සිය දෙවැනි දරුවාගේ උපත වෙනුවෙන් රෝහිත් කණ්ඩායම සමග ඔස්ට්‍රෙලියාවේ පුහුණු කඳවුරු සඳහා පසුගියදා එක් වූයේ නැහැ.

නමුත් නොවැම්බර් මස 24 වැනිදින සිට රෝහිත්ව යළිත් කණ්ඩායමට එක් කිරීමේ හැකියාවක් ඇති බවයි ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කරන්නේ.

ඉන්දීය තේරීම් කමිටුව පවසන්නේ සිය මව්බිමේ සිට පැමිණෙන රෝහිත් නොවැම්බර් 24 වැනිදා තම කණ්ඩායම සමග එක්වීමට නියමිත බවයි.

කෙසේවෙතත් රෝහිත් පළමු ටෙස්ට් තරගයට එක් නොවන අතර දෙසැම්බර් 06 වැනි දින ඇඩිලේඩ් හිදී ඇරඹීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

එමෙන්ම නොවැම්බර් 30 වැනිදා රෝහිත් ෂර්මා ඔස්ට්‍රෙලියාවට එරෙහිව පුහුණු ටෙස්ට් තරගයකට (දෙදිනක් තුළ පැවැත්වෙන) ද එක්වීමට නියමිතයි.

රෝහිත් වෙනුවට පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දරන්නේ උප නායක ජස්ප්‍රිට් බුම්‍රා විසින්.

රෝහිත්ගේ නැවත පැමිණීම ඉන්දීය කණ්ඩායමට ශක්තියක් වන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?