ඔස්ට්‍රෙලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට රෝහිත් සිය පැමිණීම තහවුරු කරයි

හෙට (22) ඇරඹෙන සංචාරක ඉන්දියාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන තරග 05කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සංචිතයට තමන්ගේ පැමිණීම ස්ථිර බව ඉන්දීය නායක රෝහිත් ෂර්මා තහවුරු කර තිබෙනවා.

සිය දෙවැනි දරුවාගේ උපත වෙනුවෙන් රෝහිත් කණ්ඩායම සමග ඔස්ට්‍රෙලියාවේ පුහුණු කඳවුරු සඳහා පසුගියදා එක් වූයේ නැහැ.

නමුත් නොවැම්බර් මස 24 වැනිදින සිට රෝහිත්ව යළිත් කණ්ඩායමට එක් කිරීමේ හැකියාවක් ඇති බවයි ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කරන්නේ.

ඉන්දීය තේරීම් කමිටුව පවසන්නේ සිය මව්බිමේ සිට පැමිණෙන රෝහිත් නොවැම්බර් 24 වැනිදා තම කණ්ඩායම සමග එක්වීමට නියමිත බවයි.

කෙසේවෙතත් රෝහිත් පළමු ටෙස්ට් තරගයට එක් නොවන අතර දෙසැම්බර් 06 වැනි දින ඇඩිලේඩ් හිදී ඇරඹීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

එමෙන්ම නොවැම්බර් 30 වැනිදා රෝහිත් ෂර්මා ඔස්ට්‍රෙලියාවට එරෙහිව පුහුණු ටෙස්ට් තරගයකට (දෙදිනක් තුළ පැවැත්වෙන) ද එක්වීමට නියමිතයි.

රෝහිත් වෙනුවට පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දරන්නේ උප නායක ජස්ප්‍රිට් බුම්‍රා විසින්.

රෝහිත්ගේ නැවත පැමිණීම ඉන්දීය කණ්ඩායමට ශක්තියක් වන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34