ස්පාඤ්ඤ රජය විසින් දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා විශේෂ වෛද්‍ය නිවාඩුවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාල පනත් කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වෙනුවෙන් කාන්තාවන්ට දින 3 ක් නිවාඩු හිමිවන බවයි දැක්වෙන්නේ.
එම නිවාඩුව දින 5 දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාව ඇති අතර ඒ, දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන්නේ නම් වෛද්‍ය නිර්දේශ අනුවය.
මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එය සම්මත වුවහොත්, එවැනි පනතක් හඳුන්වා දෙන පළමු යුරෝපා රට බවට ස්පාඤ්ඤය පත් වනු ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් එරට නව නීතිවලට අනුකූලව ස්පාඤ්ඤ රජය මෙම නව පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.




