ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ට විශේෂ නිවාඩුවක්

ස්පාඤ්ඤ රජය විසින් දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා විශේෂ වෛද්‍ය නිවාඩුවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාල පනත් කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වෙනුවෙන් කාන්තාවන්ට දින 3 ක් නිවාඩු හිමිවන බවයි දැක්වෙන්නේ.

එම නිවාඩුව දින 5 දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාව ඇති අතර ඒ, දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන්නේ නම් වෛද්‍ය නිර්දේශ අනුවය.

මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එය සම්මත වුවහොත්, එවැනි පනතක් හඳුන්වා දෙන පළමු යුරෝපා රට බවට ස්පාඤ්ඤය පත් වනු ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් එරට නව නීතිවලට අනුකූලව ස්පාඤ්ඤ රජය මෙම නව පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16
Video thumbnail
NPP ආණ්ඩුව බුද්ධ ධර්මය පිළිගන්නවද..? ගස් ගල්වලට වඳින මිනිස්සු කියලානේ කිව්වේ එයාලා..
00:21
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43