ඔෂිනි ලෝක චෙස් කුසලානයේ තෙවැනි තැන හිමිකර ගනියි

ජාත්‍යන්තර චෙස් සම්මේලනය (FIDE – U12) මගින් පවත්වන ලද වයස අවුරුදු 8-12ත් තරගාවලියේ සිය මංගල තරගයට එක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන 12න් පහළ බාලිකා අංශයේ 03 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.

ඔෂිනි මෙම ජයග්‍රහණය වාර්තා කළේ සිය දෙවැනි වටයේ දී ක්‍රිස්ටිනා සවීවා ව දෙවරක් පරදවමින් මෙරටට විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරදෙමින්.

වයස අවුරුදු 12න් පහළ තරගාවලිය මෙවර ජෝර්ජියාවේ බටුමි නගරයේ දී පැවැත්වුණේ වයස් කාණ්ඩ 03ක් යටතේ රටවල් 38ක් නියෝජනය කරමින්.

ඊට චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 286ක් එක් ව සිටියා.

අවසාන ශ්‍රේණිගත කිරීම් තීරණය කිරීම සඳහා එක් එක් කාණ්ඩයේ ක්‍රීඩකයින් එකිනෙකා සමග තරග කරමින් එකම ස්ථානයේ සිටින ක්‍රීඩකයින් සමඟ සෑම කාණ්ඩයක් ම කණ්ඩායම් 2කට බෙදුණු අතර වයස අවුරුදු 12න් පහළ වයස් කාණ්ඩයේ B කාණ්ඩයට තේරී පත් වූ ඔෂිනි ඇයගේ පළමු තරග 5 ම ජයගත් එම කාණ්ඩයේ මුල් ම ඉදිරිපෙළ ක්‍රීඩිකාව ද බවට පත් වුණා.

ඔෂිනි මීට පෙර ඊජිප්තුවේ පැවති FIDE ලෝක ශිෂ්‍යභට ශූරතාවලියේ (U-12 බාලිකා) ප්‍රථම ස්ථානයට පත්වීම මෙන් ම, වයස 12 න් පහළ බාලිකා අංශයේ බටහිර ආසියානු 12 න් පහළ චෙස් වේගවත් ශූරතාව දිනා ගනිමින් ලෝක වේදිකාවට පිවිසි ක්‍රීඩිකාව ද වනවා.

මේ වසර අග දී පැවැත්වෙන ලොව විශාලතම කණ්ඩායම් චෙස් ශූරතාවලිය වන චෙස් ඔලිම්පියාඩ් තරගාවලියට ද ඔෂිනි ගුණවර්ධන තේරී පත් ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?