ඔලිම්පික් කමිටුවේ ගැටළු විසඳන්න ඇමතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

ක්‍රීඩා අමාතවරයා සහ ජාතික ඔලිම්පික් කමිටුවට සම්බන්ධ වූ ක්‍රීඩා සංගම් කිහිපයක් අතර විශේෂ සාකච්චාවක් අද (06) ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

මේ වන විට ඔලිම්පික් කමිටුව සම්බන්ධව ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යතුමා වෙත ලැබී තිබූ ලිපියකට පිළිතුරු වශයෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබෙනවා.

ඒ අනුව මෙම සාකච්ඡාව සඳහා ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් එහි සාමාජිකයන් පිරිසක් සහ ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් සාමාජිකයින් පිරිසක්ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

කෙසේ වෙතත් ඔලිම්පික් කමිටුව සම්බන්ධව උද්ගතව ඇති ගැටළු සම්බන්ධව අවසන් තීරණයකට එළඹීම සඳහා ලබන 13 වැනිදා නැවත සාකච්ඡාවක් පැවැත්වීම සඳහා එහිදී තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?