ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පාපන්දු කණ්ඩායම

සුප්‍රකට පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයෙකු හරහා ඔහු නියෝජනය කරනු ලබන කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ නිලධාරින් 13 දෙනෙකුට ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීමේ පුවතක් පෘතුගාලයෙන් වාර්තා වනවා.

පෘතුගාලයේ Belenenses පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන Cafu Phete දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමෙන් පසුව නැවත පෘතුගාලයට පැමිණීමෙන් පසු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන තිබෙනවා.

පසුව එම කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් කිහිප දෙනෙකුට ද රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම නිසා සිදුකළ පරීක්ෂණ වලින් ඔවුන් අතරින් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත්තේ.

මෙලෙස හඳුනා ගනු ලැබූ පිරිස දකුණු අප්‍රිකාවේ සංචාරය නොකරනු ලැබූ අය වීම විශේෂත්වයක් වන අතර වෛරසය සම්ප්‍රේෂණය වීමේ වේගය සමබන්ධයෙන් කදිම උදාහරණයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්නුම් කරන්නේ.

මෙම ආසාදිතයින් ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ අනුව ඔවුන් 13 දෙනාටම ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට සනාථ වී ඇත.

මේ වන විට එම පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් සහ නිලධාරින් 44 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

මේ අතර ස්කොට්ලන්තය ඇතුළුව යුරෝපයේ රටවල් රැසකින් ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වී ඇති ඉන් ඇතැම් පුද්ගලයින් කිසිදු රටක සංචාරය නොකරන ලද පිරිස් වීමද විශේෂත්වයක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ චෝදනාවලට කොට්ටහච්චි තිත තියයි
09:52
Video thumbnail
ජනතාව ඇපයට තියලා රට වට්ටන්න අපි සූදානම් නෑ
04:57
Video thumbnail
යුද්ධය ගැන හිටපු ජනපති මහින්ද කිව්ව දේ..අපේ වරායන්වල ඉඩ දුන්නම කොහෙන් හරි කන්න වෙනවා
01:53
Video thumbnail
අමරිකානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්..ඉරානය නෞකාවට ප#ර දීම හෙළා දකිනවා
01:30
Video thumbnail
ගුරුනගර්වල බෝටුවක් පෙ#ළීමෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි..මෙන්න නවතම දර්ශන
01:27
Video thumbnail
"ජාත්‍යන්තර යුද තත්ත්වය අපි නිර්මාණය කරපු එකක් නෙවෙයි"..විපක්ෂයේ සෙට් එකට ටිල්වින්ගෙන් සැර සත්තමක්
09:13
Video thumbnail
සජිත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
13:17
Video thumbnail
චාමර පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..දෙවෙනි නැවත් අපිට බෝලේ පාස් කළා..කෙ#නකන් කවුරුත් දන්නේ නෑ
03:50
Video thumbnail
හදිසි නීතිය තවත් දීර්ඝ කිරීමට හේතු කියන අරුණ ජයසේකර
04:37
Video thumbnail
මිහින්තලේ හිමි ට්‍රම්ෆ්ගෙන් ගේම ඉල්ලයි? ඇයි බයද?අම්මා අප්පාගේ රටවල් නෙවෙයිනේ
04:34