ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂාවෙන්න යෝජනාවක්

විදේශයන්හි සිට පැමිණෙන සියලු දෙනා මෙරටට ඇතුල්වීමේදී පීසීආර් පරීක්ෂණයට (Entry PCR) ලක් කිරීම මේ මොහොතේදී ඉතා වැදගත් බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඔමික්‍රෝන් පැතිරීම වැළැක්වීම සඳහා එවැනි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කිසියම් පුද්ගලයකු මෙරටට ඇතුළුවීමේදී PCR පරීක්ෂණයකට යොමු කර එසැණින්ම ඔහුට හෝ ඇයට හෝටලයකට හෝ නවාතැන් ගන්නා ස්ථානයකට යොමු කළ හැකි බවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල විශේෂිත ජංගම දුරකථන යෙදවුමක් (App) මාර්ගයෙන් අදාළ පුද්ගලයාට දැනුම් දිය හැකි බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කර සිටියේ.

මෙරටට පැමිණෙන පුද්ගලයාට හෝ සංචාරකයාට මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් කිසිදු හිරිහැරයක් හෝ බාධාවක් ඇති නොවන බව පැවසූ අර්ජුන ද සිල්වා මහතා ඩුබායි රාජ්‍යයේ මෙම වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කළේ.

විශේෂයෙන්ම මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් සංචාරක කර්මාන්තයට කිසිදු බාධාවක් ඇති නොවන බවද ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර රටට ඔමික්‍රෝන් මෙන්ම තවත් වයිරස ප්‍රභේද ඉදිරියේදී ඇතුළු විය හැකි බවත් මෙම වයිරස ප්‍රභේදවලින් වැළකීමට ඇති එකම සහ ප්‍රධානතම මාර්ගය කොවිඩ් තෙවැනි එන්නත් මාත්‍රාව බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05