ඔන්ලයින් පන්ති යන්න දුරකතනයක් නැතිව පුංචි කවින්ද සියදිවි නසාගෙන

ඔන්ලයින් පන්ති සඳහා සහභාගිවීමට සුදුසු ස්මාර්ට් ජංගම දුරකථනයක් නොමැතිවීම නිසා සිත් තැවුලට පත් 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුංචි පුතෙක් සියදිවි නසාගත් අවාසනාවන්ත පුවතක් වාරියපොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබූ කවින්ද දිල්ශාන් කේශර විජේරත්න නැමැති දරුවෙකි.කේශර දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයාය.
ඉගෙන ගන්නා දරුවන් කිහිපදෙනෙකු සිටින අඩු ආදායම්ලාභී පවුල්වල ඇත්තේ සෝචනීය තත්ත්වයකි. එදාවේල පිරිමසා ගැනීමේ ජීවන සටනක නිරත වන දෙමව්පියන් කෙසේ හෝ ණය වී ස්මාර්ට් දුරකථනයක් සිය දරුවන්ට අරන් දෙන්නේ දරුවන් රජුන් කිරීමට ඔවුන් දකින අහිංසක සිහිනය නිසාය.
නමුත් තිදෙනෙකු එක් දුරකථනයක් භාවිතා කරන්නේ කෙසේද? තිදෙනාටම එකම මේ වෙලාවේ පන්ති ඇත. එක් අයෙකුගේ ඉගෙනුම වෙනුවෙන් අනිත් අයට සිය අධ්‍යාපනය මදකට කැප කිරීමට සිදුවීම මෙවැනි අවස්ථාවල සුලභ සිද්ධියකි.
පුංචි කේශර ද ඔන්ලයින් පන්ති සඳහා සහභාගි වීමට නොහැකි වීමට පිළිබඳව සිටියේ දැඩි කනස්සල්ලෙනි. ඔහු දෙමව්පියන්ගෙන් නව ස්මාර්ට් ජංගම දුරකථනයක් ඉල්ලා සිටියද ඒ අසරණයින් කෙලෙස එය ලබා දෙන්න ද.
දිනක් මවුපියන් වත්තේ වැඩක නිරත වී ආපසු නිවසට පැමිණ කේශර ට කතා කරද්දි පිළිතුරක් නොලැබුණු නිසා ඔවුන් ඔහුගේ කාමරයේ දොර විවෘත කර බැලුවා. ඔවුන්ට දැකිය හැකි වූයේ වසර 15ක් තිස්සේ නොවිඳිනා දුක් විඳ උස් මහත් කළ දරුවා ගෙල වැල දාගෙන සිය දිවි නසාගෙන සිටින අයුරුයි.
පසුව කුරුණෑගල පළාත් මහ රෝහලේ දී සිදු කළ මරණ පරීක්ෂණයේදී ඔහුගේ මරණය ගෙළ සිරවීමෙන් සිදුවූ මරණයක් බවට තහවුරු වූවා.
වත්මන් පරපුර හදිසි තීරණ ගෙන සිය ජීවිත විනාශ කර ගැනීමට පෙළඹීම සෝචනීය තත්ත්වයකි.
ඇතැම් ගුරුවරුන් වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් බිල්ලට තබන්නේ මෙවන් ඉගෙනීමට උවමනාව ඇති දරුවන්ගේ ජීවිත වීම ඊටත් වඩා ශෝචනීය තත්ත්වයකි.
පුංචි කේශර, ඔබට නිවන් සුව!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29