ඔන්මැක්ස් පිරමීඩ වංචාව ගැන පැමිණිලි 20,931ක් – රුපියල් බිලියන 11ක පාඩුවක්

ඔන්මැක්ස් ඩී.ටී ප්‍රයිවට් ලිමිටඩ්” නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීති විරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය වංචාවක් කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට පැමිණිලි 20,931ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා හමුවේ අද (09) දන්වා සිටියා.

සියලුම පොලිස් ස්ථාන වෙත අගතියට පත් පාර්ශවයට පැමිණිලි කිරීම සඳහා නිවැරදි වූ සැලැස්මකට අනුව ලේඛනයක් ඉදිරිපත් කර තිබු බවත් ඒ අනුව ලංකාව පුරා සියලු පොලිස් ස්ථාන වෙතින් පැමිණිල්ල ලැබී ඇති බව සඳහන් කරමින් රජයේ නීතිඥවරයා ඒ බව දන්වා සිටියා.

අගතියට පත් පාර්ශවයට පැමිණිලි ලබාදීම සඳහා 2025 ජුලි මස 25 සිට 2025 දෙසැම්බර් 2 දක්වා කල් ලබා දී තිබුණ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි රජයේ නීතීඥවරයා සඳහන් කළා.

මෙම සිද්ධියට අදාළව දිනෙන් දින පැමිණිලි ප්‍රමාණය වැඩි වී තිබීම නිසා කරන ලද මූල්‍ය වංචාව බිලියන 11ක ප්‍රමාණය දක්වා වැඩි වී ඇති බව නීතිඥවරයා අධිකරණයට දැන්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ සැකකාර පාර්ශවය විසින් පේමන්ට් ප්ලෑන් එකක් ඉදිරිපත් කළ ඇති බවත් එහි බිලියන 2.6ක් පමණක් අඩංගු වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා සඳහන් කර සිටියේ, ලැබී තිබෙන පැමිණිලි අනුව මේ වනවිට මෙම මූල්‍ය වංචාවට අදාළව බිලියන 11ක පාඩුවක් සිදුව ඇති බවයි.

නමුත් සැකකාර පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන එම පේමන්ට් ප්ලෑන් එකට අනුව බිලියන අටක ප්‍රමාණයක් සඳහන් කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවද නීතිඥවරයා සඳහන් කළා.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ මෙම මූල්‍ය වංචාවට අදාළ තවමත් බොහෝ සැකකරුවන් නිදැල්ලේ සිටින බවයි.

තවද එසේ ප්‍රවර්ධන කටයුතු කරන සැකකරුවෙකුට මෝටර් රථයක් ද ලබා දී ඇති බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වූවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව විමර්ශනය කර අධිකරණයට ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?