ඔන්මැක්ස් ඩී.ටී. පිරිමීඩ සමාගම ගැන උසාවියෙන් නියෝගයක්

ඔන්මැක්ස් ඩී.ටී. පිරිමීඩ සමාගමේ ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ මුදල් අහිමි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවක් අගෝස්තු මස 7 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු විසින් එම සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් පිළිබඳ විස්තර සහ ඊට අදාල දත්ත අධිකරණයට ඉදිරිපත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ මේ හා සමාන ආයෝජන ක්‍රම දෙකක් නීති විරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.

ඒ පිළිබඳ ව විමර්ශන සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ඊට අදාළ සැකකරුවන් සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල අගෝස්තු මස 7 වනදා කැඳවන ලෙසත් නියම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55


?