ඔන්මැක්ස් ඩී.ටී. පිරිමීඩ සමාගම ගැන උසාවියෙන් නියෝගයක්

ඔන්මැක්ස් ඩී.ටී. පිරිමීඩ සමාගමේ ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ මුදල් අහිමි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවක් අගෝස්තු මස 7 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු විසින් එම සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් පිළිබඳ විස්තර සහ ඊට අදාල දත්ත අධිකරණයට ඉදිරිපත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ මේ හා සමාන ආයෝජන ක්‍රම දෙකක් නීති විරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.

ඒ පිළිබඳ ව විමර්ශන සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ඊට අදාළ සැකකරුවන් සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල අගෝස්තු මස 7 වනදා කැඳවන ලෙසත් නියම වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22