AFC Banner
AFC Banner
Empty Ad

ඔතේ කැලේ වටලපු මත්පැන් ස්කාගාරය – දෙදෙනෙක් පොලිස් දැලට

ජාඇල ඔතේ කැලේ දී නීතිවිරෝධි මත්පැන් ස්කාගාරයක් වටලා දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ මෙම වැටලීම ජා ඇල – ඒකල මාර්ගයේ දුම් රිය හරස් මාර්ගය අසලදියි සිදු කෙරුණේ.

එහි දී නීති විරෝධී මත්පැන් ලීටර් 270ක් සන්තකයේ තබාගෙන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණා.

සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී හෙළි වූයේ මහා පරිමාණයෙන් ඔතේ කැලේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් පවත්වාගෙන යන බවයි.

පසුව එම ස්ථානයට ගිය විශේෂ කාර්‍යය බලකායේ නිලධාරීන් විසින් අදාළ ස්ථානය වටලා නීති විරෝධී මත්පැන් ලීටර් 742.5 ක් සමග ජාඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තවත් සැකකරුවෙකු ද අත් අඩංගුවට ගැනුණා.

සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන් ව ජා ඇල පොලිසියට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?