ඔතේ කැලේ වටලපු මත්පැන් ස්කාගාරය – දෙදෙනෙක් පොලිස් දැලට

ජාඇල ඔතේ කැලේ දී නීතිවිරෝධි මත්පැන් ස්කාගාරයක් වටලා දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ මෙම වැටලීම ජා ඇල – ඒකල මාර්ගයේ දුම් රිය හරස් මාර්ගය අසලදියි සිදු කෙරුණේ.

එහි දී නීති විරෝධී මත්පැන් ලීටර් 270ක් සන්තකයේ තබාගෙන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණා.

සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී හෙළි වූයේ මහා පරිමාණයෙන් ඔතේ කැලේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් පවත්වාගෙන යන බවයි.

පසුව එම ස්ථානයට ගිය විශේෂ කාර්‍යය බලකායේ නිලධාරීන් විසින් අදාළ ස්ථානය වටලා නීති විරෝධී මත්පැන් ලීටර් 742.5 ක් සමග ජාඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තවත් සැකකරුවෙකු ද අත් අඩංගුවට ගැනුණා.

සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන් ව ජා ඇල පොලිසියට භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27