spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඒ.ටී.එම්. යන්ත්‍රය ළඟ අමතක වී ගිය මුදල් වලට කෝප්‍රල්වරයා කළ වැඩේ(ඡායාරූප)

හොරොව්පොතාන මහජන බැංකු ශාඛාවේ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය මත අමතකව දමා ගොස් තිබූ රුපියල් 74 000ක මුදලක් යුද හමුදා කඳවුරේ 5 වන ගජබා රෙජිමේන්තුවට අයත් කෝප්‍රල්වරයකු විසින් අද දින (11) එහි අයිතිකරු සොයා භාර දී තිබෙනවා.

ඊයෙ (10) රාත්‍රි 9:30 ට පමණ මුදල් තැන්පත් කිරීමක් සඳහා එම ස්ථානයට ගිය යුද හමුදා ලාස්කෝප්‍රල්වරයා විසින් ඒ.ටී.එම්. යන්ත්‍රය උඩ මෙම මුදල් තිබෙන අයුරු දැක ඒ මොහොතේම ඔහු විසින් සිය අණදෙන නිලධාරී මේජර්වරයාට දුරකථනයෙන් කතාකොට මහජන බැංකු ශාඛාවේ කළමණාකාර තුමා වෙත පණිවිඩය ලබා දී තිබෙනවා.

එම මුදල්වල අයිතිකරු හොරොව්පොතාන කිවුලේකඩ පදිංචි අයෙක් වන අතර ඔහුව මහජන බැංකු ශාඛා කාර්‍යාලයට ගෙන්වා සියලු දෙනා ඉදිරියේ මුදල් භාරදීමට කටයුතු කර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
102
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?