ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවකට එකඟ වෙයි – අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ළඟදීම ජනතාව අතට

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒකාබද්ධ නැකැත් සීට්ටුවක් සකස් කර ප්‍රකාශයට පත්කිරීමට පාර්ශ්වයන් දෙකම එකඟතාවයට පැමිණි බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනවි පවසනවා.

ඒ, අනුව එම අලුත් අවුරුද්ද සම්බන්ධ රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ප්‍රසිද්ධියට පත්කරන බවයි අද (16) පෙරවරු මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

එම නැකැත් සීට්ටුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කරනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

අමාත්‍යවරයා සඳහන් කළේ ඈපා පංචාංග ලිත් කතෘ ඉන්දික ඈපා සෙනවිරත්න, තිරසර පංචාංග ලිත් කතෘ චමත් කොතලාවල සහ විකල්ප නැකත් කණ්ඩායමේ සාමාජිකයින් තමා සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවයට පැමිණි බවයි.

2024 වසරේදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය නැකැත් කමිටුව විසුරුවා හැරි ඇති අතර, මෙවර අවුරුදු නැකැත් ප්‍රකාශයට පත් කෙරුණේ පෝය කමිටුවේ සාමාජිකයින් විසින්.

එම කමිටුවේ සාමාජිකයින් විසින් සැකසූ නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් පාර්ශ්ව දෙකක් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !