එළොව ගිය අබ්බාගේ පැටිකිරිය එළියට

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුර සලිඳු නමැත්තාගේ සමීපතම ගෝලයෙකු වූ දිලාන් සමීර නොහොත් අබ්බා නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවක් අතරතුර ජීවිතක්ෂයට පත්විය

එම මෙහෙයුම අතරතුර සැකකරුවන් විසින් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත වෙඩිප්‍රහාර එල්ල කිරීමට භාවිත කළ ස්වයංක්‍රිය ගිනිඅවියද පොලිසිය භාරයට ගෙන තිබෙන අතර ඔවුන් සඟවා ඇති වෙනත් ආයුධ සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකෙරේ.

මෙම වැටලීමේදී අබ්බා සමග නිවසේ සිටි තවත් පුද්ගලයින් හය දෙනෙකුද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එගොඩ උයන පොලිසිය වෙත භාර දෙනු ලැබීය.

ඔවුන් මොරටුව,මෝදර,කටුකුරුන්ද,වස්කඩුව හා මාවනැල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30,34,40,42 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කළේය.

මෙම සැකකරුවන්ගේ නිවෙස් පරික්ෂා කිරීමේදී එක් අයෙකුගේ නිවසේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සෙයාගෙන තිබේ.

එම සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය තොගයක් අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව නඩු පැවරූ පුද්ගලයෙකු වෙයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ මොරටුව මෝදර ප්‍රදේශයේ නිවසක් වටලා සෝදිසි කිරීමක් සිදුකර තිබුණේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුරදීය.

එහිදී එම නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුර සලිඳු නමැත්තාගේ සමීපතම ගෝලයෙකු වූ දිලාන් සමීර නොහොත් අබ්බා සමග තවත් පිරිසක් රැඳී සිට තිබුණි.

පොලිසිය පැවසුවේ නිලධාරීන්ගේ පැමිණීමත් සමග එම පිරිස අතර සිටි අයෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කර ඇති බවය.

ඒ අනුව එම වෙඩි පහරින් තුවාල ලැබූ දිලාන් සමීර නොහොත් අබ්බා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ සැකකරු එල්ල කළ වෙඩි ප්‍රහාර 02ක් විශේෂ කාර්ය බළකා නිලධාරියෙකුගේ ශරීර ආරක්ෂක ආවරණයට වැදී ඇති අතර ඒ හේතුවෙන් ඔහුද ප්‍රතිකාර සඳහා පානදුර  මූලික රෝහලට ඇතුළත් කළ  බවය.

27 හැවිරිදි ඩිලාන් සමීර නොහොත් අබ්බා නමැත්තා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායිහි රැඳී සිටින පානදුර සලිඳු නමැත්තාගේ සමීපතම ගෝලයෙකු බව පොලිසිය පවසයි.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙර වලාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කාන්තාවකගේ අතක් කපා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද මෙම අබ්බා නමැත්තා බවට පොලිසිය හඳුනාගෙන තිබේ.

ඊට අදාළ නඩුව මෙන්ම තවත් මිනිමැරුම් නඩුවක් සැකකරුට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් විශේෂ කාර්ය බළකාය හා එගොඩ උයන පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06