එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් මාලාවක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් නොවැම්බර් මස 30 සිට ජනවාරි 15 වැනි දින දක්වා විශේෂ වැටලීම් මාලාවක් සිදු කෙරෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ශාන්ති නිරිඇල්ල සඳහන් කළේ; උත්සව සමය එළඹීමත් සමග වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ උපරිම මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම සහ තොග සඟවා තබාගෙන වෙළෙඳාමේ යෙදෙන කූඨ වෙළඳුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවයි.

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය බැඳී සිටින බවත්: පාරිභෝගිකයාට තමන් මිල දී ගන්නා භාණ්ඩවල මිල ගණන් විමසීමටත්; මිල දී ගන්නා භාණ්ඩ සඳහා බිල්පතක් ලබා ගැනීමටත් අයිතියක් ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට ලිඛිත ව හා 1977 කෙටි දූරකථන අංකයෙන් ද පැමිණිලි ඉදිරිපත් කර හැකි බවයි සභාපතිවරයා පැවසුවේ.

සීනි සඳහා උපරිම මිලක් නියම කිරීමත් සමග ශත 25 බද්දට සීනි ආනයනය කළ තොග වෙළඳුන්ගෙන් සීනි මෙට්‍රික් ටොන් 2000 ක් පමණ ලංකා සතොසට සහ සුපිරි වෙළෙඳසල්වලට ලබාදීමට මේ වන විට කටයුතු යොදා ඇති බව ද පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.

ඒ අනුව සීනි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 275 මිලකට මිල දී ගැනීමේ හැකියාවක් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම භාණ්ඩ අලෙවි කිරීමේ දී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බවත්; භාණ්ඩයක් මිල දී ගැනීමේ දී ඒ සඳහා බිල්පතක් ලබා ගැනීමට පාරිභෝගිකයාට සම්පූර්ණ අයිතිය ඇති බවත් ඔහු කියා සිටියා.

එසේ නොමැති නම් පාරිභෝගිකයාට පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමේ හැකියාව ද ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03