එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් මාලාවක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් නොවැම්බර් මස 30 සිට ජනවාරි 15 වැනි දින දක්වා විශේෂ වැටලීම් මාලාවක් සිදු කෙරෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ශාන්ති නිරිඇල්ල සඳහන් කළේ; උත්සව සමය එළඹීමත් සමග වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ උපරිම මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම සහ තොග සඟවා තබාගෙන වෙළෙඳාමේ යෙදෙන කූඨ වෙළඳුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවයි.

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය බැඳී සිටින බවත්: පාරිභෝගිකයාට තමන් මිල දී ගන්නා භාණ්ඩවල මිල ගණන් විමසීමටත්; මිල දී ගන්නා භාණ්ඩ සඳහා බිල්පතක් ලබා ගැනීමටත් අයිතියක් ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට ලිඛිත ව හා 1977 කෙටි දූරකථන අංකයෙන් ද පැමිණිලි ඉදිරිපත් කර හැකි බවයි සභාපතිවරයා පැවසුවේ.

සීනි සඳහා උපරිම මිලක් නියම කිරීමත් සමග ශත 25 බද්දට සීනි ආනයනය කළ තොග වෙළඳුන්ගෙන් සීනි මෙට්‍රික් ටොන් 2000 ක් පමණ ලංකා සතොසට සහ සුපිරි වෙළෙඳසල්වලට ලබාදීමට මේ වන විට කටයුතු යොදා ඇති බව ද පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.

ඒ අනුව සීනි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 275 මිලකට මිල දී ගැනීමේ හැකියාවක් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම භාණ්ඩ අලෙවි කිරීමේ දී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බවත්; භාණ්ඩයක් මිල දී ගැනීමේ දී ඒ සඳහා බිල්පතක් ලබා ගැනීමට පාරිභෝගිකයාට සම්පූර්ණ අයිතිය ඇති බවත් ඔහු කියා සිටියා.

එසේ නොමැති නම් පාරිභෝගිකයාට පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමේ හැකියාව ද ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?