AFC Banner
Empty Ad
Empty Ad

එළඹෙන උත්සව සමය ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

එළඹෙන උත්සව සමය තුළ සාප්පු සවාරි යෑම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එකම භාණ්ඩය කිහිපදෙනෙකු ස්පර්ශ කිරීම හේතුවෙන් ද කොවිඩ් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් දැක්වු වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“වෛරසය ශරීර ගතවූ පුද්ගලයෙක් අතේ තැවරුණු පුද්ගලයෙක් එවැනි භාණ්ඩයක් ඇල්ලුවොත් අඩුම ගානේ විනාඩි කිහිපයක් හෝ එම වෛරසය අදාළ පෘෂ්ඨය සක්‍රීය තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. එවැනි තත්ත්වයක් නිසා තමයි අපි කියන්නේ මේ වෙළෙඳසැල්වල බඩු භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමේ දී, පරිහරණය කිරීමේ දී හැකි පමණ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් කරන්න ඕනේ. ඒ වගේම තමා මේ කාලය තුළ අධික ජනග්‍රහනයක් සාප්පු සවාරි යන සමයේ අපි මේ මිල දී ගැනීම කළ යුතුම දෙයක් නම් මිසක් අපි මේ අවස්ථාවේ කල්දමන එක වැදගත් වෙනවා. එසේ නොකළහොත් සිද්ධාන්තික වශයෙන් එවැනි අතපත ගෑමක් හරහා වුවත් රෝගයෙන් බෝවීමට හැකියාවක් නැතුවා නොවේ.”

මේ අතර ඊයේ (14) දිනයෙත් මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 762 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතර විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම නව ආසාදිතයින් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 576,194 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 545,768 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් පුද්ගලයින් 15,765 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?