එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක පිලිරුවට දැඩි ආරක්ෂාවක්

ගාලුමුවදොර එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක පිලිරුව පිහිටී ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශ තුළට කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

මේ අතර බණ්ඩාරනායක පිලිරුවට කිසියම් පිරිසක් හානි කිරීමට නියමිත බවට ලැබුණු තොරතුරකට අනුව එම පිළිමය අසල ද පොලිසිය යොදවා තිබෙනවා