ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (23) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.
මෙවර අවසන් මහා තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සහ තිසර පෙරේරා නායකත්වය දරණ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ මීට පෙර අඛණ්ඩව දෙවරක් ශූරතාවය හිමිකරගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවරත් ශූරතාවය හිමිකර ගැනීමේ අරමුණින් මෙවර තරග බිමට පිවිසෙනු ඇති.
එමෙන්ම සිය කුළුදුල් එල්.පී.එල්. කිරුළ තමන් සතුකර ගැනීමේ බලාපොරොත්තු ඇතිව කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම මෙවර අවසන් මහා තරගය සඳහා එක්වනවා.
අද දිනයේ පැවැත්වෙන අවසන් මහා තරගයේ දීත් දෙපිළම සිය අවසන් තරගය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම ම ක්‍රීඩා කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.




