එයාර් ඉන්දියා ගුවන් යානා 07ක් ගමන් වාර නවතා දමයි – සමාගමෙන් නිවේදනයකුත්

විවිධ තාක්ෂණික දෝෂ යැයි පවසමින් අද (17) දින ඩ්‍රීම්ලයිනර් ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් ම අවලංගු කිරීම හේතුවෙන් එයාර් ඉන්දියා ගුවන් මෙහෙයුම්වලට දැඩි බලපෑමක් එල්ල වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අහමදාබාද් සිට ලන්ඩන් දක්වා වූ ගුවන් ගමන් වාර ද ගුවන් යානා නොමැති වීම මත අවලංගු කර ඇති බවයි එයාර් ඉන්දියා ගුවන් සේවය පවසා ඇත්තේ.

ජුනි 12 වන දින අහමදාබාද්හි සර්දාර් වල්ලභභායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන්ගත වී ටික වේලාවකට පසු ලන්ඩන් බලා පිටත් වූ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානය නේවාසිකාගාර සංකීර්ණයකට කඩා වැටීමෙන් මගීන් සහ කාර්ය මණ්ඩලය 241 දෙනෙකු මිය යාමෙන් දින කිහිපයකට පසු, එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් මෙලෙස අද දිනයේ දී අවලංගු කෙරුණා.

අහමදාබාද් සිට ගැට්වික් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ එයාර් ඉන්දියා ගුවන් සේවයේ තවත් ගුවන් ගමනක් ද අද දින අවලංගු කළ බවයි වාර්තා වන්නේ.

ගුවන් අවකාශය සීමා කිරීම සහ අතිරේක පූර්වාරක්ෂාව පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අහමදාබාද් සිට ලන්ඩනයේ ගැට්වික් දක්වා පියාසර කිරීම අවලංගු කර ඇති බව එයාර් ඉන්දියා අද දින නිවේදනය කළා.

කිසියම් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන අවලංගු කර ඇති බවට කරන ප්‍රකාශ එයාර් ඉන්දියන් ගුවන් සමාගම ප්‍රතික්ෂේප කර ඇති බවයි හින්දුස්තාන් පුවත් සේවය වාර්තා කළේ.

මගීන්ට ඇති වූ අපහසුතාව ගැන කනගාටු වන බව පවසමින්, ඔවුන් ඔවුන්ගේ ගමනාන්තයට පියාසර කිරීමට විකල්ප විධිවිධාන යොදා ඇති බව ගුවන් සමාගම වැඩිදුරටත් පැවසුවා.

මූලාශ්‍රය – https://www.hindustantimes.com/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?