එයාර් ඉන්දියා ගුවන් යානා 07ක් ගමන් වාර නවතා දමයි – සමාගමෙන් නිවේදනයකුත්

විවිධ තාක්ෂණික දෝෂ යැයි පවසමින් අද (17) දින ඩ්‍රීම්ලයිනර් ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් ම අවලංගු කිරීම හේතුවෙන් එයාර් ඉන්දියා ගුවන් මෙහෙයුම්වලට දැඩි බලපෑමක් එල්ල වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අහමදාබාද් සිට ලන්ඩන් දක්වා වූ ගුවන් ගමන් වාර ද ගුවන් යානා නොමැති වීම මත අවලංගු කර ඇති බවයි එයාර් ඉන්දියා ගුවන් සේවය පවසා ඇත්තේ.

ජුනි 12 වන දින අහමදාබාද්හි සර්දාර් වල්ලභභායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන්ගත වී ටික වේලාවකට පසු ලන්ඩන් බලා පිටත් වූ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානය නේවාසිකාගාර සංකීර්ණයකට කඩා වැටීමෙන් මගීන් සහ කාර්ය මණ්ඩලය 241 දෙනෙකු මිය යාමෙන් දින කිහිපයකට පසු, එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් මෙලෙස අද දිනයේ දී අවලංගු කෙරුණා.

අහමදාබාද් සිට ගැට්වික් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ එයාර් ඉන්දියා ගුවන් සේවයේ තවත් ගුවන් ගමනක් ද අද දින අවලංගු කළ බවයි වාර්තා වන්නේ.

ගුවන් අවකාශය සීමා කිරීම සහ අතිරේක පූර්වාරක්ෂාව පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අහමදාබාද් සිට ලන්ඩනයේ ගැට්වික් දක්වා පියාසර කිරීම අවලංගු කර ඇති බව එයාර් ඉන්දියා අද දින නිවේදනය කළා.

කිසියම් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන අවලංගු කර ඇති බවට කරන ප්‍රකාශ එයාර් ඉන්දියන් ගුවන් සමාගම ප්‍රතික්ෂේප කර ඇති බවයි හින්දුස්තාන් පුවත් සේවය වාර්තා කළේ.

මගීන්ට ඇති වූ අපහසුතාව ගැන කනගාටු වන බව පවසමින්, ඔවුන් ඔවුන්ගේ ගමනාන්තයට පියාසර කිරීමට විකල්ප විධිවිධාන යොදා ඇති බව ගුවන් සමාගම වැඩිදුරටත් පැවසුවා.

මූලාශ්‍රය – https://www.hindustantimes.com/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33