AFC Banner
Empty Ad
Empty Ad

එයාර්පෝට් ටර්මිනල් ෂට්ල් බස් රථ සේවාව අරඹා සිව් දිනකින් නවතියි

කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ , කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ඉකුත් 15 වැනි දින සිට ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව ( Air Port Terminal Shuttle Service ) අද (19) උදෑසන 11.00 පමණ සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම බස් රථ සේවාවට ආරම්භ කළ සැණින් ඊට එරෙහිව ගුවන් තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇති බවයි.

ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය , මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ඉදිරිපත් කර තිබීම ද මීට හේතුවක් බව ද වාර්තා වී තිබෙනවා.

මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුලී රථ ධාවන සංගම් ද සහයෝගය පළ කර තිබූ අතර මේ සියල්ල සළකා බලා එම සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04කට පසුව නවතා දැමීමට පියවර ගැනුණා.

එසේ නවතා දැමූ බස් රථ වෙනුවට කටුනායක ගුවන් තොටුපොළ – කොළඹ , කොටුව අතර ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සංගමයේ දිනකට ධාවනයෙන් ඉවත් වන බස් රථ 10ක් , කටුනායක ගුවන් තොටුපොළේ සිට ගමන් කොළඹ , කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ධාවනය කර වීමට නියමිත බැව් ගුවන් තොටුපොළ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
40
+1
2
+1
4
+1
3
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?