එයාර්පෝට් එකට සූර්ය‍ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් (ඡායාරූප)

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ඒ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම තිරසාර සංවර්ධන ඉලක්ක සමග ඉදිරියට යමින් බලශක්ති ක්ෂේත්‍රයේ දිනපතා වර්ධනය වන අභියෝගවලට මුහුණදීම සඳහා පුනර්ජනනීය බලශක්ති කොටස වැඩි දියුණු කිරීමට පියවර ගැනීමත් සමගයි.

2023 නොවැම්බර් 20 වන දින, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම විසින් රුපියල් මිලියන 19ක් ආයෝජනය කරමිනුයි; මෙම ගුවන් තොටුපළේ මගී පර්යන්ත ගොඩනැගිල්ලේ වහලය මත කිලෝ වොට් 100 ක වෝල්ටීයතාවයකින් සමන්විත සූර්ය බල පද්ධති නියමු ව්‍යාපෘතියක් ආරම්භ කළේ.

ඒ අනුව විදුලි උත්පාදනය දිනකට කිලෝවොට් පැය 600 ක ධාරිතාවයක්, මසකට කිලෝවොට් පැය 18,000ක් වන පරිදි මෙමගින් ඇස්තමේන්තු කර ඇති අතර එම ජනනය කරන බලශක්තිය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නිවාස 200ක් බල ගැන්වීමට තරම් ප්‍රමාණවත් වනු ඇති.

මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ සුවිශේෂී ම කරුණ වන්නේ, සම්පූර්ණ ව්‍යාපෘතිය සැලසුම් කිරීම සහ ස්ථාපනය කිරීම ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගමේ, විදුලි ඉංජිනේරු අංශය ප්‍රමුඛ අනෙකූත් ඉංජිනේරු අංශවල සේවක මණ්ඩලයෙන් විසින් පමණක් සිදු කිරීමයි.

ව්‍යාපෘතියේ පිළිගෙවුම් කාලය මාස 20 ක් පමණ වනු ඇති.

දැනට, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම විසින් නව එකතු කිරීමක් ඇතුළුව කිලෝවොට් 210 ක ධාරිතාවක් සහිත සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර, ලබන වසරේ තවත් කිලෝවොට් 1,800 ක ධාරිතාවක් පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යනු ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි පාරිභෝජනය සිදු කෙරෙන ආයතන අතුරින් එකක් වන අතර 2024 වසර අවසන් වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පුනර්ජනනීය බලශක්ති නිපැයුම එහි මුළු බලශක්ති ඒකක පරිභෝජනයෙන් 10% දක්වා වැඩි කිරීමට ද සැලසුම් කෙරුණා.

WhatsApp Image 2023 11 23 at 10.20.39
WhatsApp Image 2023 11 23 at 10.20.40 1
WhatsApp Image 2023 11 23 at 10.20.40 2
WhatsApp Image 2023 11 23 at 10.20.40
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?