එමිරේට්ස් ගුවන් සේවයේ නවීනතම සගයා මෙරටට එක් වූ හැටි (ඡායාරූප)

එමිරේට්ස් ගුවන් සේවය වෙත අලුතින් එක් වූ නවීනතම A350 එයාර් බස් ගුවන් යානය ඊයේ (08) දින පස්වරුවේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ,එමිරේට්ස් ගුවන් සේවය සතු ප්‍රංශයේ නිෂ්පාදිත එයාර් බස් A380 සහ අමෙරිකාවේ නිෂ්පාදිත බෝයිං 777 සිය ගුවන් යානා බලඇණියට, අලුතින් එක් ව සිටින්නේ මෙම එයාර් බස් A350 ගුවන් යානා බවයි.

පුළුල් බද සහිත කාර්යක්ෂම, අතිනවීනතම මෙම ගුවන් යානය එන්ජින් දෙකකින් බල ගැන්වෙන අතර, ඉන්ධන කාර්යක්ෂමතාව අතින් ගුවන් සේවයටත් ගුවන් මගීන්ට වැඩි පහසුකම්වලින් යුතු සුවදායී ගුවන් ගමනක ආස්වාදය ලබාදීමටත් සමත්.

කෙටි, මධ්‍යම සහ පැය 15 ඉක්මවා යන ගුවන් ගමන් සඳහා ද මේ වනවිට එමිරේට්ස් ගුවන් සේවයේ මෙම ගුවන් යානා යොදවා තිබෙන අතර, මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 32ක් , ප්‍රිමියම් ව්‍යාපාරික පංතියේ ආසන 21ක් සහ ප්‍රිමියම් ඉකොනොමි පංතියේ ආසන 259ක් වශයෙන්, සමස්ත ගුවන් මගී ආසන 312ක් සැලසුම් කර තිබෙනවා.

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන්ට වැඩි ඉඩකඩක් සහිත සිය ගමන් මළු ගබඩා කිරීමට කැබින් පද්ධති පුළුල් කර ඇති අතර, මෙම ගුවන් යානය තුළ ස්ථාපිත කර ඇති නවීනතම සන්නිවේදන පද්ධති මගින් ගුවන් ගමන අතරතුර විනෝදාස්වාදය ලබාදෙන සිනමා පට, ලොව පුරා ප්‍රකාශිත ඩිජිටල් පුවත් පත් සහ සඟරා කියැවීමට අවස්ථාව හිමි වී තිබීමත් විශේෂත්වයක්.

ගුවන් යානයේ ගමන් මග නැරඹුම් දිශා 05කින් සජීවීව දැක බලා ගැනීමට, ජංගම දුරකථන යළි ආරෝපණය කර ගැනීමට, බ්ලූටූත් සබඳතා සැණෙකින් ක්‍රියාත්මක කර ගැනීමට මෙන්ම මෙම සියල්ල අතරේ ගුවන් මගී අවශ්‍යතා මත ගුවන් යානා කැබින් කාර්යය මණ්ඩලයේ සහාය ලබා ගැනීමට ද අවස්ථාව හිමි කර දී තිබෙනවා.

එසේම ජාත්‍යන්තර චන්ද්‍රිකා ජාලය හරහා ගුවන් ගමන අතරතුර දී අඛණ්ඩව අන්තර්ජාල සබඳතා පවත්වා ගත හැකි ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු නව පරම්පරාවේ ඇන්ටෙනා පද්ධතියක් මගින් ඇමෙරිකාව සහ උත්තර ධ්‍රැවය හරහා ගමන් කිරීමේ දී අඛණ්ඩ ගෝලීය සබඳතා ද මේ මගින් පවත්වා ගෙන යාමට පහසුකම් සලසා දී තිබෙනවා.

දිගුකාලීන ගුවන් ගමන් සඳහා උචිත වන සුවපහසු මගී ආසන පද්ධතිය සහ වැඩි ඉඩකඩක් සහිත සුඛෝපභෝගී වැසිකිළි පද්ධතියකින් ද මෙම ගුවන් යානය සමන්විත යි.

මෙම නවීනතම එයාර් බස් A350 ගුවන් යානය ඊයේ පස්වරු 04.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එය දැකබලා ගැනීමට මාධ්‍යවේදීන් 30ක පමණ පිරිසක් ද , ගුවන් සේවා ක්ෂේත්‍රය හා සම්බන්ධ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම එමිරේට්ස් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඊසා සුලෙයිමාන් අහමඩ් මහතා ඇතුළු පිරිසක් ද පැමිණ සිටියා.

සතියේ සෑම දිනකම සිව් වතාවක් මෙම එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානා ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන අතර, එයින් එක් ගුවන් ගමන් වාරයක් සඳහා මෙම නවතම එයාර් බස් A350 ද පැමිණීම සිදු කරනවා.

එය ශ්‍රී ලංකාවේ 2025 වසරේ සංචාරක ඉලක්ක සපුරාලීම සඳහා මහගු මෙහෙවරක් කරමින් සිටින බවයි වාර්තාකරු පැවසුවේ.

Image
Emirates A350 scaled
IMG 20250509 WA0033
IMG 20250509 WA0035
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?