එප්පාවල පන්සලක හිමිනමක් ඝාතනය කළ සැකකරු සියල්ල පාපොච්චාරණය කරයි

එප්පාවල, කිරලෝගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ හිමිනමක් එම විහාරස්ථානය තුළදී ම ඝාතනය කළ බවට සැක පිට තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම විහාරස්ථානයේ හිමිනමට අයත් ත්‍රී රෝද රථය පැද වූ තරුණයා මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 හැවිරිදි තරුණයෙක් වන අතර, සැකකරු කටුනායක ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 23 වන දින පස්වරුවේ හිමිනම සමඟ බහින්බස් වීමක් ඇතිව පොල්ලකින් උන්වහන්සේට පහර දී හිමිනමට අයත් ජංගම දුරකථන දෙක ද රැගෙන විහාරස්ථානයේ ත්‍රී රෝද රථයෙන් පලා ආ බවයි සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

පසුව තමන් එප්පාවලට පැමිණි බවත්; එහිදී ත්‍රීරෝද රථයේ දෝෂයක් ඇති වීම හේතුවෙන් රථය එප්පාවල රෝහල අසල දමා, වෙනත් ත්‍රීරෝද රථයකින් එප්පාවල නගරයට ගොස්, තවත් ත්‍රීරෝද රථයක නැගී අනුරාධපුරයට ගොස් බස් රථයකින් කටුනායක දක්වා පැමිණි බව සැකකරු පාපොච්ච්රණය කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදාළ ඝාතනය සිදු වූ විහාරස්ථානය වෙත ඊයේ (27) දිනයේ සැකකරු රැගෙන ආ අතර හිමිනම ඝාතනය සඳහා යොදාගත් පොල්ලක් ද පොලිසිය විසින් එහිදී සොයාගෙන තිබෙනවා.

මේ අතර සැකකරු ත්‍රීරෝද රථයෙන් යමින් සිටිය දී පලුගස්වැව ප්‍රදේශයේ දී ස්වාමීන් වහන්සේගේ දුරකථනයක්, බැංකු කාඩ්පත් කීපයක් ඇතුළු ලිපි ලේඛණ කීපයක් විසිකර දැමූ ස්ථානයක් ද පොලීසිය විසින් පරීක්ෂා කර එම ස්ථානයේ තිබී ස්වාමීන් වහන්සේගේ ජංගම දුරකථනය, බැංකු කාඩ්පත් හා ලිපි ලේඛණ පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

එප්පාවල, කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසු පූජ්‍ය විලච්චියේ ප්‍රේමරතන නම් 69 හැවිරිදි ස්වාමීන් වහන්සේ නමක් මෙලෙස ඝාතනයට ලක්ව තිබූ අතර, හිමිනමගේ හිසෙහි හා මුහුණේ බරපතල කැපුම් තුවාල පැවති අතර, ලිංගේන්ද්‍රය ද කපාදමා ඇතැයි පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, අද (28) පස්වරුවේ තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීම⁣ට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
0
+1
9
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09
Video thumbnail
පිල්ලෙයාන් සහ ඩග්ලස් යුද්ධය ඉවර කරන්න මහින්දට උදව් කළා - දෙන්නාම අද හිරේ
04:39
Video thumbnail
නව වසරේ නාමල්ට කතරගමදී වුණ දේ..
00:26
Video thumbnail
දළඳා මාළිගාවෙදි ජනපතිව මිනිස්සු වටකරගයි.."තව අවු:10ක් කරන්න ශක්තිය ලැබෙන්න ඕනි"
03:22
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48
Video thumbnail
අධ්‍යාපන ලේකම් බබා.."සමරිසි ප්‍රවර්ධනය කිරිමේ තානාපති අගමැතිතුමිය" අග්‍රාමාත්‍යතුමිය ඉවත් වෙන්න
03:04
Video thumbnail
අලුත් අවුරුද්දෙම හොඳම එකෙන් ඇමතූ රංජිත්..මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුනේ
09:29
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50


?