එප්පාවල පන්සලක හිමිනමක් ඝාතනය කළ සැකකරු සියල්ල පාපොච්චාරණය කරයි

එප්පාවල, කිරලෝගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ හිමිනමක් එම විහාරස්ථානය තුළදී ම ඝාතනය කළ බවට සැක පිට තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම විහාරස්ථානයේ හිමිනමට අයත් ත්‍රී රෝද රථය පැද වූ තරුණයා මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 හැවිරිදි තරුණයෙක් වන අතර, සැකකරු කටුනායක ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 23 වන දින පස්වරුවේ හිමිනම සමඟ බහින්බස් වීමක් ඇතිව පොල්ලකින් උන්වහන්සේට පහර දී හිමිනමට අයත් ජංගම දුරකථන දෙක ද රැගෙන විහාරස්ථානයේ ත්‍රී රෝද රථයෙන් පලා ආ බවයි සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

පසුව තමන් එප්පාවලට පැමිණි බවත්; එහිදී ත්‍රීරෝද රථයේ දෝෂයක් ඇති වීම හේතුවෙන් රථය එප්පාවල රෝහල අසල දමා, වෙනත් ත්‍රීරෝද රථයකින් එප්පාවල නගරයට ගොස්, තවත් ත්‍රීරෝද රථයක නැගී අනුරාධපුරයට ගොස් බස් රථයකින් කටුනායක දක්වා පැමිණි බව සැකකරු පාපොච්ච්රණය කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදාළ ඝාතනය සිදු වූ විහාරස්ථානය වෙත ඊයේ (27) දිනයේ සැකකරු රැගෙන ආ අතර හිමිනම ඝාතනය සඳහා යොදාගත් පොල්ලක් ද පොලිසිය විසින් එහිදී සොයාගෙන තිබෙනවා.

මේ අතර සැකකරු ත්‍රීරෝද රථයෙන් යමින් සිටිය දී පලුගස්වැව ප්‍රදේශයේ දී ස්වාමීන් වහන්සේගේ දුරකථනයක්, බැංකු කාඩ්පත් කීපයක් ඇතුළු ලිපි ලේඛණ කීපයක් විසිකර දැමූ ස්ථානයක් ද පොලීසිය විසින් පරීක්ෂා කර එම ස්ථානයේ තිබී ස්වාමීන් වහන්සේගේ ජංගම දුරකථනය, බැංකු කාඩ්පත් හා ලිපි ලේඛණ පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

එප්පාවල, කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසු පූජ්‍ය විලච්චියේ ප්‍රේමරතන නම් 69 හැවිරිදි ස්වාමීන් වහන්සේ නමක් මෙලෙස ඝාතනයට ලක්ව තිබූ අතර, හිමිනමගේ හිසෙහි හා මුහුණේ බරපතල කැපුම් තුවාල පැවති අතර, ලිංගේන්ද්‍රය ද කපාදමා ඇතැයි පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, අද (28) පස්වරුවේ තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීම⁣ට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56