එන සතියේ පාර්ලිමේන්තුව දින 03ක් රැස්වෙයි – සනත් නිශාන්ත වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක්

එළඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 20, 21 සහ 22 යන දිනවල පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබෙනවා.

ඒ, අනුව පෙබරවාරි 20 වැනි අඟහරුවාදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පස්වරු 5.00 දක්වා සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත්(සංශෝධන), උකස්(සංශෝධන), කල්බදු මූල්‍යකරණ(සංශෝධන), දේශීය භාර ලදුපත්(සංශෝධන), සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ(සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම මෙන්ම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2360/36 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2366/19 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි ද විවාදයට ගැනීමට නියමිතයි.

එදින පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය ගෙන එන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සඳහන් කළේ.

පෙබරවාරි 21 වැනි බදාදා පෙරවරු 9.30 ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක 2371/11 සහ අංක 2371/16 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රවල සදහන් නියමයන් දෙකක් විවාද කිරීමෙන් තොරව අනුමත කර ගැනීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබෙනවා.

අනතුරුව පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2238/34, 2303/23 සහ 2362/67 දරණ ගැසට් පත්‍රවල සදහන් නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතයි.

ඉන්පසු පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

පෙබරවාරි 22 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වූ බවයි නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?