AFC Banner
Empty Ad
Empty Ad

එන්නත් දෙකම සම්පූර්ණ දෙස් විදෙස් මගීන්ට මෙන්න සුබ ආරංචියක්..!

ලබන මස පළමුවනදා සිට මෙරටට එන පූර්ණ එන්නත්කරණය ලත් දෙස්-විදෙස් මගීන්ට ගුවන්ගත වනවිට කළ p. c. r. පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවේ නම්, යලි මෙරටදී p. c. r. පරීක්ෂාවකට ලක් නොවී පිටවීමට අවසර හිමිව වී තිබෙනවා.

මේ අතර මෙරටට පැමිණීමට සති දෙකකට පෙර දෙවැනි කොවිඩ් එන්නත ලබා ගත්, සංචාරකයින් පැය 72කට පෙර ලබා ගත් පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵලයෙන් කොරෝනා ආසාදිතයෙක් නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුන් හට මෙරට තුළට නිදහසේ ඇතුළු විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටින්නේ, අදාළ වැඩපිළිවෙල ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් දෙක තුළ අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවයි.මෙරට තුළ සංචාරයේ නියැලීමට බලාපොරොත්තු වන විදෙස් සංචාරකයින් දිරිමත් කිරීම සඳහා අදාළ පියවර ගත් බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?