එගොඩඋයන රථ වාහන අංශයේ ස්ථානාධිපතිගේ අවසන් කටයුතු හෙට

රිය අනතුරකින් මියගිය එගොඩඋයන රථ වාහන අංශ ස්ථානාධිපතිගේවරයාගේ දේහය මොරොන්තුඩුව, තරුණ සේවා මාවතේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා.

අනතුරෙන් මියගිය උප පොලිස් පරීක්ෂක නිශාන්ත රෝහණ සොයිසා මියයන විට 58 වියේ පසුවූ දෙදරු පියෙක්.

යතුරුපැදියෙන් යමින් සිටියදී මොරොන්තුඩුව කන්දකඩේ ප්‍රදේශයේදී පෙරේදා (26) රාත්‍රියේ පාපැදියක ගැටී සිදුවූ රිය අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරින් පාපැදියේ ගමන් ගත් අඹුසැමි යුවළක්ද තුවාල ලබා නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දේහය පිළිබද අවසන් කටයුතු ලබන හෙට පස්වරු 03.00 ට වාද්දුව ශුද්ධෝත්තමයා ගේ දෙව්මැදුරේ පිහිටි සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?