එක ගෘහ සේවිකාවක් රට යවනවට ඒජන්සි වලට ලක්ෂ 10ක් තැරැව්කාර ගාස්තුවක් අරන්..

මැදපෙරදිග ඇතැම් රටවලට ගෘහ සේවිකාවන් සැපයීම වෙනුවෙන් හාම්පුතුන් විසින් ඒජන්සිකරුවන්ට රුපියල් ලක්ෂ දහය බැගින් තැරැව්කාර ගාස්තුවක් ගෙවන බව පසුගියදා කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.

මේ ආකාරයට ඒජන්සිකරුවන් විසින් රුපියල් කෝටි ගණනක විදේශ විනිමයක් උපයා ඇතත් එම මුදල්වලට කුමක් සිදුවූයේද යන්න ගැටලුවක් බව විදේශ ප්‍රේෂණ පිළිබඳ කාර්යසාධක බළකායේ නිලධාරීන් සමග ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර තිබේ.

මෙම මුදල් නීත්‍යනුකූලව මෙරට බැංකු ඔස්සේ ලංකාවට පැමිණෙන්නේ දැයි යන්න මූල්‍ය තාක්ෂණික විගණනයක් කොට සොයා බලන ලෙසද කම්කරු ඇමැතිවරයා ඉහත නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

මැද පෙරදිග සමහර රටවලට ගෘහ සේවිකාවන් සැපයීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලැබෙන බව කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඒජන්සිකරුවකු ප්‍රකාශ කළ බව කී ඇමැතිවරයා සාකච්ඡාව අවසානයේදී එම ඒජන්සිකරුවාට සෙසු ඒජන්සිකරුවන් විසින් දොස්පවරන හඬපටයක් තමන් සතුව ඇතැයිද පවසා ඇත.

මෙලෙස එක් ගෘහ සේවිකාවක් සැපයීම වෙනුවෙන් ඒජන්සිකරුවන්ට මැදපෙරදිග හාම්පුතුන් විසින් ලබා දෙන රුපියල් ලක්ෂ දහයක මුදලින් රුපියල් ලක්ෂ පහක් එම ගෘහ සේවිකාව නමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තැන්පත් කළ යුතු බවට නීති සකස් කළ යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහබැංකු නිලධාරීන්ට දන්වා ඇත. මෙලෙස ඒජන්සිකරුවන්ට ලැබෙන මුදල් රටට ගලා නොඑන බැවින් මෙම මුදල් විදේශ විනිමය ලෙස මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා පසුගියදා මහ බැංකු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36