AFC Banner
AFC Banner
Empty Ad

එක ගෘහ සේවිකාවක් රට යවනවට ඒජන්සි වලට ලක්ෂ 10ක් තැරැව්කාර ගාස්තුවක් අරන්..

මැදපෙරදිග ඇතැම් රටවලට ගෘහ සේවිකාවන් සැපයීම වෙනුවෙන් හාම්පුතුන් විසින් ඒජන්සිකරුවන්ට රුපියල් ලක්ෂ දහය බැගින් තැරැව්කාර ගාස්තුවක් ගෙවන බව පසුගියදා කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.

මේ ආකාරයට ඒජන්සිකරුවන් විසින් රුපියල් කෝටි ගණනක විදේශ විනිමයක් උපයා ඇතත් එම මුදල්වලට කුමක් සිදුවූයේද යන්න ගැටලුවක් බව විදේශ ප්‍රේෂණ පිළිබඳ කාර්යසාධක බළකායේ නිලධාරීන් සමග ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර තිබේ.

මෙම මුදල් නීත්‍යනුකූලව මෙරට බැංකු ඔස්සේ ලංකාවට පැමිණෙන්නේ දැයි යන්න මූල්‍ය තාක්ෂණික විගණනයක් කොට සොයා බලන ලෙසද කම්කරු ඇමැතිවරයා ඉහත නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

මැද පෙරදිග සමහර රටවලට ගෘහ සේවිකාවන් සැපයීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලැබෙන බව කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඒජන්සිකරුවකු ප්‍රකාශ කළ බව කී ඇමැතිවරයා සාකච්ඡාව අවසානයේදී එම ඒජන්සිකරුවාට සෙසු ඒජන්සිකරුවන් විසින් දොස්පවරන හඬපටයක් තමන් සතුව ඇතැයිද පවසා ඇත.

මෙලෙස එක් ගෘහ සේවිකාවක් සැපයීම වෙනුවෙන් ඒජන්සිකරුවන්ට මැදපෙරදිග හාම්පුතුන් විසින් ලබා දෙන රුපියල් ලක්ෂ දහයක මුදලින් රුපියල් ලක්ෂ පහක් එම ගෘහ සේවිකාව නමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තැන්පත් කළ යුතු බවට නීති සකස් කළ යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහබැංකු නිලධාරීන්ට දන්වා ඇත. මෙලෙස ඒජන්සිකරුවන්ට ලැබෙන මුදල් රටට ගලා නොඑන බැවින් මෙම මුදල් විදේශ විනිමය ලෙස මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා පසුගියදා මහ බැංකු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?