මාර්ගයේ අයහපත් තත්ත්වය පෙන්වීමට වාර්තාකරුවෙකු බවට පත් වූ කාශ්මීරයේ කුඩා දැරියකගේ වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙයි.රෝස පැහැති ජැකට් ඇඳුමකින් සැරසී සිටින දැරිය, අයහපත් මාර්ගයේ තත්ත්වය නිසා අමුත්තන්ට තම ස්ථානයට පැමිණිය නොහැකි බවට මැසිවිලි නගමින් බලධාරීන්ට ආයාචනා කරන අයුරු වීඩියෝවේ දැක්වෙයි.
(අමුත්තන්ටත් එන්න බැරි තරමට පාර නරකයි) දැරිය පැවසුවේ කාශ්මීර මිටියාවතට පසුගියදා අධික හිම සහ වර්ෂාවක් ඇති විය.
මඩ සහ වර්ෂාව නිසා තත්ත්වය තවත් නරක අතට හැරුණු ආකාරය විස්තර කරමින් දැරිය වළවල් පෙන්වමින් පාරක ඇවිද ගිය විනාඩි 2.08ක වීඩියෝවක් ජංගම දුරකථනයකින් රූගත කර ඇත.මෙම වීඩියෝව ජම්මු හා කාශ්මීර ලුතිනන් ආණ්ඩුකාර මනෝජ් සිංහාගේ අවධානයට ලක්ව ඇත.




