එක් පුද්ගලයෙකුට විවාහ දෙකක් : සමාජ මාධ්‍ය කැළඹු අලුත් කෙටුම්පත ගැන ඇත්ත මෙන්න

එක් පිරිමියෙකුට කසාද දෙකක් කර ගැනීමට නීත්‍යනුකූල බව ලබාදීම යන ශීර්ෂය යටතේ පනත් කෙටුම්පතක ආකෘතියක් ලෙස සකස් කෙරුණු ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල කලඹමින් සැරිසරනවා.

එම පනත් ලේඛනයේ දැක්වෙන්නේ මානව ජනගහන වර්ධනය වීමේ නූතන හැඩය අනුව පුරුෂයන්ට වඩා කාන්තා ප්‍රමාණය වර්ධනය වෙමින් ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වයි.

මේ නිසා විවාහ ජීවිතයට ඇතුළත් වීමේ අයිතිය බොහෝ කාන්තාවන්ට අහිමි වනවා.

මෙය එම අයිතිය තහවුරු කිරීම වස් සකස් කොට විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි යනුවෙන්.

එය අනුව මූලික කාරණා දහයක් යටතේ මෙම පනත් කෙටුම්පත හරහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එහි පළවෙනි යෝජනාවේ දැක්වෙන්නෙ මෙම පනත තුළින් බලය පැවරෙනුයේ, පුරුෂයකුට කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගැනීම මිස එක් කාන්තාවකට පුරුෂයෙන් දෙදෙනකු විවාහ කර ගැනීම නොවේ යන්නයි.

එමෙන්ම එහි හයවෙනි යෝජනාවේ තම සැමියාට තවත් කසාදයක් කරගැන්වීම අවශ්‍ය නම් විවාහක කාන්තාවට අයිතිය තිබෙනවා.

තම සැමියාට සුදුසු වෙනත් කාන්තාවක් සොයා විවාහ කරදීම මුල් කාන්තාවට මේ අනුව බලය පැවරේ යනුවෙන්.

මේ ආකාරයේ ව්‍යාකරණ දෝෂ සහ යථාර්ථවාදී නොවන සැක උපදවන යෝජනා ගණනාවක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා.

කාන්තා යටිතල පහසුකම් නැංවීම පිළිබඳ අමාත්‍යවරයා විසින් 2021 නොවැම්බර් 19 වන දින ඉදිරිපත් කරන ලද බවට හැඟවෙන ලෙස සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අප අදාළ අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

එහිදී අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් චානුක ගුණතිලක අප සමග පවසා සිටියේ, මෙම පනත් කෙටුම්පත් ආකෘතිය සහමුලින්ම ව්‍යාජ එකක් බවයි.

ඒ ආකාරයේ කිසිදු සූදානමක් හෝ එවැනි කිසිදු පනත් කෙටුම්පතක් මේ දක්වා ඉදිරිපත් කර හෝ එලෙස ඉදිරිපත් කිරීමට කිසිදු අදහසක් නැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ව්‍යාජ ලේඛනය සැකසූ සහ එය සමාජ මාධ්‍ය වෙත උඩුගත කළ සියලු පුද්ගලයින් සොයා ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් විෂය භාර අමාත්‍යවරයා වන පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කිරීමට සැරසෙන බවයි.

291591 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
99
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26