එක් පුද්ගලයෙකුට විවාහ දෙකක් : සමාජ මාධ්‍ය කැළඹු අලුත් කෙටුම්පත ගැන ඇත්ත මෙන්න

එක් පිරිමියෙකුට කසාද දෙකක් කර ගැනීමට නීත්‍යනුකූල බව ලබාදීම යන ශීර්ෂය යටතේ පනත් කෙටුම්පතක ආකෘතියක් ලෙස සකස් කෙරුණු ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල කලඹමින් සැරිසරනවා.

එම පනත් ලේඛනයේ දැක්වෙන්නේ මානව ජනගහන වර්ධනය වීමේ නූතන හැඩය අනුව පුරුෂයන්ට වඩා කාන්තා ප්‍රමාණය වර්ධනය වෙමින් ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වයි.

මේ නිසා විවාහ ජීවිතයට ඇතුළත් වීමේ අයිතිය බොහෝ කාන්තාවන්ට අහිමි වනවා.

මෙය එම අයිතිය තහවුරු කිරීම වස් සකස් කොට විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි යනුවෙන්.

එය අනුව මූලික කාරණා දහයක් යටතේ මෙම පනත් කෙටුම්පත හරහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එහි පළවෙනි යෝජනාවේ දැක්වෙන්නෙ මෙම පනත තුළින් බලය පැවරෙනුයේ, පුරුෂයකුට කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගැනීම මිස එක් කාන්තාවකට පුරුෂයෙන් දෙදෙනකු විවාහ කර ගැනීම නොවේ යන්නයි.

එමෙන්ම එහි හයවෙනි යෝජනාවේ තම සැමියාට තවත් කසාදයක් කරගැන්වීම අවශ්‍ය නම් විවාහක කාන්තාවට අයිතිය තිබෙනවා.

තම සැමියාට සුදුසු වෙනත් කාන්තාවක් සොයා විවාහ කරදීම මුල් කාන්තාවට මේ අනුව බලය පැවරේ යනුවෙන්.

මේ ආකාරයේ ව්‍යාකරණ දෝෂ සහ යථාර්ථවාදී නොවන සැක උපදවන යෝජනා ගණනාවක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා.

කාන්තා යටිතල පහසුකම් නැංවීම පිළිබඳ අමාත්‍යවරයා විසින් 2021 නොවැම්බර් 19 වන දින ඉදිරිපත් කරන ලද බවට හැඟවෙන ලෙස සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අප අදාළ අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

එහිදී අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් චානුක ගුණතිලක අප සමග පවසා සිටියේ, මෙම පනත් කෙටුම්පත් ආකෘතිය සහමුලින්ම ව්‍යාජ එකක් බවයි.

ඒ ආකාරයේ කිසිදු සූදානමක් හෝ එවැනි කිසිදු පනත් කෙටුම්පතක් මේ දක්වා ඉදිරිපත් කර හෝ එලෙස ඉදිරිපත් කිරීමට කිසිදු අදහසක් නැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ව්‍යාජ ලේඛනය සැකසූ සහ එය සමාජ මාධ්‍ය වෙත උඩුගත කළ සියලු පුද්ගලයින් සොයා ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් විෂය භාර අමාත්‍යවරයා වන පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කිරීමට සැරසෙන බවයි.

291591 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
99
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ලොකු සෙනඟක් මැච් එක බලන්න ඇවිත්..
01:24
Video thumbnail
අනවසර, තාවකාලික නිවෙස්වලට වෙන්න යන දේ මෙන්න..ජනාධිපති කිව්ව දේ
13:23
Video thumbnail
හැමදේකටම නායකයෝ යන්න ඕනි නෑ..රනිල්ට කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නෑ
04:38
Video thumbnail
UNP හමුවෙන් පසු පාක්ෂිකයින් කිව්ව දේ..දෙගොල්ලෝම එකතු වෙනවා..එකතු වෙනවා
03:55
Video thumbnail
නාවලපිටියේ දැඩි උණුසුම් තත්ත්වයක්..කඩ හිමියන් කුපිත වෙයි
10:11
Video thumbnail
අලි වෙනුවෙන් පෙරට ඇවිත් පාර්ලිමේන්තුවම උණුසුම් කළ චාමර.."දිගටම ගියොත් රටේ අලි ඉතුරු වෙන්නේ නෑ"
09:04
Video thumbnail
චාමර සම්පත් - පරිසර ඇමති පාර්ලිමේන්තුවේ පැටලෙයි.."චාමර සම්පත් වලිගේ පාගගෙන..ජනතාව නොමඟ යවන්න එපා"
04:42
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 07.01.2026
08:08:52
Video thumbnail
මල්ලකුත් උස්සන් අධිකරණයට එන ඩුබ්ලිකේට් ඉෂාරා..
02:01
Video thumbnail
ප්‍රසාද් සර් කුපිත වී වටේටම දෙසයි.."ඇමති කැන්ටිමේ හිටියනේ ඇවිත් උත්තර දෙන්න"
11:12


?