Empty Ad
AFC Banner
Empty Ad

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසු කැස්බෑවුන් 176ක් මරුට

එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනකු තල් මසුන් 04 දෙනෙකු සහ ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපතිවරයා අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා එම දැනුම් දීම සිදුකළේය.

එම සත්ත්ව මරණ වාරකන් කාලය හේතුවෙන් සිදු වී ඇති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව පැවසූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම මරණ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය හේතුවෙන් සිදු වූ බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මඟින් ද නිර්දේශ කර ඇතැයි සඳහන් කළේය.

එම සත්ත්ව මරණවලට අදාළව දිවයින පුරා පිහිටි අධිකරණ 26ක විමර්ශන කටයුතු පැවැත්වෙන අතර එම සත්ත්ව මළ සිරුරුවල කොටස් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

ඊට අමතරව එම සත්ත්ව මරණ පිළිබඳව නාරා ආයතනය කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන ගණනාවක් හරහා පරීක්ෂණ සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
03:02:56
Video thumbnail
🔴විදේශ සේවා කෝප් කමිටුව උණුසුම් වෙයි - හොඳ හොඳ සෙල්ලම් එළියට එන COPE කමිටු රැස්වීම සජීවීව
02:33:58
Video thumbnail
අද කෝප් කමිටුවේ හොඳම ටික මෙන්න - ජගත් මනුවරණට මේවා දැකලා හොඳටම මල
27:04
Video thumbnail
විදේශ සේවා කෝප් කමිටුව උණුසුම් වෙයි
08:53
Video thumbnail
කෝප් සභාපතිට අද හොඳටම තදවෙයි - මේක ගෙදර කියලා හිතුවද ඔයාලා
03:23
Video thumbnail
ජනපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක්
00:50
Video thumbnail
හත්තිලව්වේ තාම බැරිවුණා පොල් ගෙඩියේ මිල ඉහළ යන එක නවත්තගන්න
00:24
Video thumbnail
නුවන් බෝපගේගෙන් පොලීසියට ලොකු බාල්දියක්
00:54
Video thumbnail
ජනපති දිසාපතිවරුන්ට දුන්නු ඔවදන #anurakumaradissanayake
01:31
Video thumbnail
සජබයේ මුජිබර් සජබය අත හැර මාලිමාවට එක්වෙයි - පාර්ලිමේන්තුවේදී දැනුම් දෙයි
16:31

?