එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසු කැස්බෑවුන් 176ක් මරුට

එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනකු තල් මසුන් 04 දෙනෙකු සහ ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපතිවරයා අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා එම දැනුම් දීම සිදුකළේය.

එම සත්ත්ව මරණ වාරකන් කාලය හේතුවෙන් සිදු වී ඇති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව පැවසූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම මරණ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය හේතුවෙන් සිදු වූ බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මඟින් ද නිර්දේශ කර ඇතැයි සඳහන් කළේය.

එම සත්ත්ව මරණවලට අදාළව දිවයින පුරා පිහිටි අධිකරණ 26ක විමර්ශන කටයුතු පැවැත්වෙන අතර එම සත්ත්ව මළ සිරුරුවල කොටස් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

ඊට අමතරව එම සත්ත්ව මරණ පිළිබඳව නාරා ආයතනය කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන ගණනාවක් හරහා පරීක්ෂණ සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

  1. මගේ අවුරුදු හතලිහක් නැව් රැකියාවේ දැක්ක ශෝචනීය අවශ්තාවක් ලංකාවේ වරාය කිට්ටුවකදි නැවක් ගින්නෙන් අලු වෙලා යන්න දෙන්න තරම් අපේ බලධාරීන් කල්මැරුනු ස්වබාවයකින් ගින්න නිවන අන්දමයි . අන්තිමට වුනේ අපේ මුහුද සම්පත් එහෙම පිටින්ම විනාශ කර දැම්ම එක විතරයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00