එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් මෙරට සාගර පරිසරයට වූ හානියට සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව අද (10) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට පිළිගන්වනු ලැබුවා.
ඒ, පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහඳපුර විසින්.
මෙම කමිටුව වසර එකහමාරක පමණ කාලයක් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ සිදුකර මෙම වාර්තාව සකසා තිබෙනවා.
අදාළ වාර්තාව ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී පැවසුවේ.
මෙම විශේෂඥ කමිටුව නියෝජිතයන් 40 දෙනකුගෙන් සමන්විත වන අතර, එහි සම සභාපතිවරුන් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය අජිත් ද සිල්වා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන කටයුතු කළා.














