එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න ගැන පෙත්සමක් සංශෝධනය කිරීමට අවසර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් සිය වෘත්තියට ඇති වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන නියෝගයක නිකුත් කරන ලෙස ඉල්ලා ධීවර ප්‍රජාව විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සංශෝධනය කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අවසර ලබාදුන්නා.

ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ පැමිණිල්ල සංශෝධනය කිරීමටයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අවසර ලබා දී ඇත්තේ.

අදාළ පැමිණිල්ලේ පැමිණිලිකරුවන් ලෙස ධීවරයන් 70 දෙනෙකු පමණ නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් විශාල සමුද්‍ර දූෂණයක් මෙන්ම පාරිසරික හානියක් ද සිදු වූ බවයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන්ම බස්නාහිර පළාතේ වෙසෙන ධීවරයෙක් දැඩි අගතියට පත්වූ බවත් ඔවුන්ට සිය වෘත්තිය කටයුතු සිදු කරීම අපහසු වී ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

අදාළ නෞකාව තුළින් පාරිසරික හා සියලු වෘත්තිය ශුද්‍රයන්ට ඇති වූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.7 ක් වශයෙන් තක්සේරු කර තිබෙන බව සඳහන්.

ඒ අනුව අදාළ නෞකාව තුළින් සිය වෘත්තියට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලමින් ධීවර ප්‍රජාව විසින් මෙම නඩුව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?