එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න ගැන පෙත්සමක් සංශෝධනය කිරීමට අවසර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් සිය වෘත්තියට ඇති වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන නියෝගයක නිකුත් කරන ලෙස ඉල්ලා ධීවර ප්‍රජාව විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සංශෝධනය කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අවසර ලබාදුන්නා.

ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ පැමිණිල්ල සංශෝධනය කිරීමටයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අවසර ලබා දී ඇත්තේ.

අදාළ පැමිණිල්ලේ පැමිණිලිකරුවන් ලෙස ධීවරයන් 70 දෙනෙකු පමණ නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් විශාල සමුද්‍ර දූෂණයක් මෙන්ම පාරිසරික හානියක් ද සිදු වූ බවයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන්ම බස්නාහිර පළාතේ වෙසෙන ධීවරයෙක් දැඩි අගතියට පත්වූ බවත් ඔවුන්ට සිය වෘත්තිය කටයුතු සිදු කරීම අපහසු වී ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

අදාළ නෞකාව තුළින් පාරිසරික හා සියලු වෘත්තිය ශුද්‍රයන්ට ඇති වූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.7 ක් වශයෙන් තක්සේරු කර තිබෙන බව සඳහන්.

ඒ අනුව අදාළ නෞකාව තුළින් සිය වෘත්තියට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලමින් ධීවර ප්‍රජාව විසින් මෙම නඩුව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26