එක්ස්ප්‍රස් පර්ල් නඩුව විභාග කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා නීතිවිරෝධී බව සඳහන් කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වූ සී කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ගොනුකළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

මෙම අභියාචනා පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා.

එහිදී පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණේ මෙම නඩුවේ කපිතාන්වරයාට සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් එක් කොට චෝදනා ඉදිරිපත් කිරීම නීතියට පටහැනි බවයි.

ඒ අනුව අදාළ අධි චෝදනා පත්‍රය නීති විරෝධී බවට තීන්දු කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඉන් අනතුරුව අභියාචනා පෙත්සම් විභාගය පෙබරවාරි මස 17 වනදා තෙක් කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?