එක්ස්ප්‍රස් පර්ල් ගිනි ගත්තේ නෞකා කාර්යය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් – නීතිපති

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාව අසල දී ගිනි ගෙන විනාශ වුයේ එම නෞකාවේ කපිතාන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්භාවය නිස වන බවත් එම සිදුවීමට ඔවුන් සම්පුර්ණයෙන්ම වගකිවයුතු බවත් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් පරිසරයට මෙන්ම ධීවර ප්‍රජාවට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (04) යළි විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව සඳහන් කළා.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගලයන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කෙරුණා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ නෞකාවේ කාර්යය මණ්ඩලයේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මෙම අවාසනාවන්ත ඛේදවාචකය ඇති වූ බව පෙන්වා දුන්නා.

එමෙන්ම මෙම ගිනි ගැනීම සිද්ධියට නෞකාවේ කාර්ය මණ්ඩලය වගකිවයුතු බවත් ඔහු අවධාරණය කළා.

නීතිමය මූලධර්මයන්ට අනුව වන්දි අය කර ගත යුත්තේ ඊට වගකිවයුතු නෞකා කාර්ය මණ්ඩලයෙන් හා එය අයත් සමාගමෙන් යැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එම වන්දි අය කර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් සඳහන් කර සිටියා.

ඊට අමතරව මෙම ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් හා අපරාධ නඩු ගොනු කිරීමට කටයුතු කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58