එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුවට ජනපතිට ඇරයුම්

එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල ආරාධනයක් කර තිබෙනවා.

එම ආරාධනා පත්‍රය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් යොමු කළ ලිපිය ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලිඩ් නසිර් අල්අමෙරි විසින් ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවා.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව ලෝක නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 30 වනදා සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායිහි එක්ස්පෝ නගරයේ දී පැවැත් වෙනවා.

දේශගුණික විපර්යාස මෙන්ම ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන දේශගුණික විපර්යාස සමුළුව දේශගුණික සංවාද සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර වේදිකාවක් ලෙස ක්‍රියා කරනවා.

එසේම දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියට (UNFCCC) අයත් සාමාජික රටවල් අතර දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා මෙහෙයවීමේ දී මෙම සමුළුව වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබනවා.

පරිවර්තනීය හවුල්කාරිත්වයන්හි නියැලීමට සහ නව්‍ය, සාධාරණ විසඳුම් සඳහා දායක වීමට සියලුම පාර්ශ්වකරුවන්ට සමාන අවස්ථා ලබා දීම මෙම සමුළුවේ අරමුණයි.

ලොව පුරා තිරසාර ආර්ථික හා සමාජීය සංවර්ධනයක් පවත්වාගෙන යාම මෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කර ගැනීමට සියලු සාමාජික රටවල් සාමුහිකව කැපවීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරෙනවා.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපවීම සිය ලිපිය මඟින් අවධාරණය කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස හමුවේ මුහුණදීමට සිදුව ඇති අභියෝග ජය ගැනීමේ දී ජාත්‍යන්තර සහයෝගීතාවයේ සහ සහභාගීත්වයේ වැදගත්කම ද පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මෙම ආරාධනය පිළිගැන්වීමට ලැබීම පිළිබඳ සිය සතුට පළ කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන්, ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රගතිය සහ සෞභාග්‍ය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ද සුබපැතුම් එක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51

?