එක්සත් ජනපදයෙන් දුරස්ථව සිටින ලෙස චීන විදේශ ඇමති අසල්වැසියන්ගෙන් ඉල්ලයි

උපායමාර්ගික ස්වයං පාලනයක් පවත්වා ගනිමින් එක්සත් ජනපදයෙන් දුරස්ථව සිටීමට කටයුතු කරන ලෙස චීනයේ විදේශ අමාත්‍ය ක්වින් ගැනග් දකුණු සහ මධ්‍යම ආසියාතික ජාතීන්ට අනතුරු අඟවා තිබෙනවා.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ක්වින්⁣ගේ මෙම ප්‍රකාශය ෂැංහයි සහයෝගිතා සංවිධානයේ අනෙකුත් සාමාජිකයින්ට සහ විශේෂයෙන් එහි සත්කාරකයින්ට ගැලපෙන පණිවිඩයක් ලෙස සැළකිය හැකි බවයි.

අදාළ ප්‍රකාශයේ දී චීන විදේශ අමාත්‍යවරයා කලාපීය කටයුතුවලට වොෂින්ටනයේ මැදිහත්වීම සම්බන්ධයෙන් දෝෂාරෝපණ එල්ල කළා.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ගෝවාහිදී පසුගියදා අවසන් වුණේ කලාපීය ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා සහයෝගීතාව ඇතිකරගැනීමේ ඒකාබද්ධ ප්‍රකාශයක් සමඟින්.

ලෝකය බහුවිධ අර්බුද සහ අභියෝගවලට මුහුණ දී සිටින්නේ සීතල යුද්ධයේ යළි පිබිදීම, ඒකපාර්ශ්වික ආරක්ෂණවාදයට ප්‍රතිචාර දැක්වීම් සහ  බල දේශපාලනයේ නැගී සිටීම හේතුවෙන් බව මෙහිදී චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු ෂැන්හයි සහයෝගිතා සංවිධානය හඳුන්වා දෙනු ලැබුවේ ලෝක වේදිකාවේ ප්‍රධාන නිර්මාණාත්මක බලවේගයක් ලෙසයි.

අන්‍යෝන්‍ය විශ්වාසය, සමානාත්මතාවය සහ උපදේශනය යන හැඟීමෙන් හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාව ඇති බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

ෂැංහයි සහයෝගිතා සංවිධානය 2001 දී චීනය සහ රුසියාව විසින් ආරම්භ කරන ලද අතර, මුල් කාලයේ එක්සත් ජනපදය සහ යුරේසියාව පුරා ඇති නොයෙකුත් සන්ධානවලට එරෙහිව ආරක්ෂක සහයෝගීතාව සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලද කණ්ඩායමක් ලෙස එය ක්‍රියාත්මක වී තිබුණා.

ඉන්දියාව, පාකිස්තානය, කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් ඊට ඇතුළත් වුණේ 2017 වසරේදීයි.

සාමාජිකයින් අමතමින් ක්වින් සඳහන් කළේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා එකිනෙකාට ස්ථිරව සහයෝගය දැක්විය යුතු අතර, කලාපීය කටයුතුවලට මැදිහත් වීමට බලා සිටින බාහිර බලවේගවලට විරුද්ධ විය යුතු බවයි.

එක්සත් ජනපද-චීන ​​සබඳතා පහත වැටීම හමුවේ චීනය එක්සත් ජනපද මිත්‍ර පාක්ෂිකයින් සහ හවුල්කරුවන් ආකර්ෂණය කර ගැනීමට උත්සහ කරමින් සිටින්නේ ඔවුන්ගේ “උපායමාර්ගික ස්වාධිපත්‍යය” පවත්වා ගන්නා ලෙස නැවත නැවතත් ඉල්ලා සිටිමින්.

නමුත් ඉන්දියාව සහ චීනය අතර  සම්බන්ධතාව පිළිබඳ සැලකීමේදී  2020 ජුනි මාසයේදී මතභේදාත්මක හිමාල දේශසීමාවේදී දෙපාර්ශ්වයේ හමුදා අතර ඇති වූ මාරාන්තික ගැටුමකින් පසු සබඳතා තවමත් වැඩිදියුණු වීමේ ප්‍රධාන සලකුණු පෙන්නුම් කර නැහැ.

කෙසේ වෙතත් චීන විදේශ අමාත්‍යවරයා පැවසුවේ චීනය සහ එක්සත් ජනපදය අතර කරුණුවලදී ඉන්දියාව මධ්‍යස්ථව සිටීම චීනයට හොඳ අවස්ථාවක් වනු ඇති බවයි.

“මම හිතන්නේ ඉන්දියාව කළේ ප්‍රධාන වශයෙන්ම චීනය සමඟ දේශසීමා සාකච්ඡාවල වාසිය ලබා ගැනීමයි,දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන්භාවය සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා පූර්ව අවශ්‍යතාව විය යුතු බව ඉන්දියාව අවධාරණය කළත්, චීනය ඉන්දියාව විරුද්ධවාදියෙකු ලෙස සලකා නැහැ ” යැයි ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25