AFC Banner
Empty Ad
Empty Ad

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජනප්‍රියම තරගය අද අහමදාබාද් හිදී

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජනප්‍රියම තරගය වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද (14) දිනයේ පැවැත් වෙනවා.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම මෙම තරඟයට පැමිණෙන්නේ ඔවුන්ගේ අවසන් තරඟ දෙකේ දී ලැබූ ජයග්‍රහණ මානසිකත්වයෙන්වීම ද විශේෂත්වයක්.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය තරග දෙක මඟ හැරී ගිය ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් අද තරගය සඳහා එක්වීමේ 99% හැකියාවක් පවතින බව ඉන්දීය නායක රෝහිත් ශර්මා සඳහන් කළා.

ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ඉන්දියාව සහ පාකිස්ථානය අවස්ථා 07ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එම සෑම අවස්ථාවකම ජයග්‍රාහකයින් බවට පත්වීමට ඉන්දියාව සමත් වුණා.

මේ අතර මෙම තරගය සඳහා නිකුත්කර තිබූ ප්‍රවේශ පත් සියල්ලම අලෙවි වී අවසන්ව ඇති අතර,විශාල ප්‍රේක්ෂක පිරිසක් මේ වනවිටත් තරගය නැරඹීම වෙනුවෙන් අහමදාබාද් නුවරට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

පීඩනය හොඳින් හසුරුවන කණ්ඩායම අද ජයග්‍රහණය කරනු ඇති බව මෙතෙක් බිහිවූ විශිෂ්ටයන් වන වසීම් අක්‍රම් සහ සුනිල් ගවස්කාර් තරගයට පෙර අදහස් දක්වමින් සඳහන් කළා.

මේ අතර මෙම තරගය වෙනුවෙන් අහමදාබාද් නුවර ආරක්ෂාවැඩ තරකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?