එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජනප්‍රියම තරගය අද අහමදාබාද් හිදී

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජනප්‍රියම තරගය වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද (14) දිනයේ පැවැත් වෙනවා.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම මෙම තරඟයට පැමිණෙන්නේ ඔවුන්ගේ අවසන් තරඟ දෙකේ දී ලැබූ ජයග්‍රහණ මානසිකත්වයෙන්වීම ද විශේෂත්වයක්.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය තරග දෙක මඟ හැරී ගිය ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් අද තරගය සඳහා එක්වීමේ 99% හැකියාවක් පවතින බව ඉන්දීය නායක රෝහිත් ශර්මා සඳහන් කළා.

ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ඉන්දියාව සහ පාකිස්ථානය අවස්ථා 07ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එම සෑම අවස්ථාවකම ජයග්‍රාහකයින් බවට පත්වීමට ඉන්දියාව සමත් වුණා.

මේ අතර මෙම තරගය සඳහා නිකුත්කර තිබූ ප්‍රවේශ පත් සියල්ලම අලෙවි වී අවසන්ව ඇති අතර,විශාල ප්‍රේක්ෂක පිරිසක් මේ වනවිටත් තරගය නැරඹීම වෙනුවෙන් අහමදාබාද් නුවරට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

පීඩනය හොඳින් හසුරුවන කණ්ඩායම අද ජයග්‍රහණය කරනු ඇති බව මෙතෙක් බිහිවූ විශිෂ්ටයන් වන වසීම් අක්‍රම් සහ සුනිල් ගවස්කාර් තරගයට පෙර අදහස් දක්වමින් සඳහන් කළා.

මේ අතර මෙම තරගය වෙනුවෙන් අහමදාබාද් නුවර ආරක්ෂාවැඩ තරකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30